ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 199 ක ජයක් ..

cri

Source: Reuters

UPDATE - රංගන හේරත් ගේ සුපිරි පන්දු යැවීමත් සමග ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රාහීව නිමා කරලීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23) සමත් වුහ. මෙම දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 338 ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 124 ක් පමණි.

දෙවැනි ඉනිම සඳහා ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කදුළු 5 ක් පමණක් දැවී ලකුණු 275 ක් ලබා සිටියදී ඉනිම නතරකල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමේ වාරය දකුණු අප්‍රිකා කණ්ඩායම වෙත ලබා දුන්හ. එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ සියල්ලන්ම දැවී ලකුණු 290 ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 199ක ජයග්‍රහණයක් ලබාගත්හ. කඩුළු 6 ක් දවාගත් රංගන හේරත් ගේ පන්දු යැවීම විශේෂයෙන් කැපී පෙනුනි.

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියකදී දකුණු අප්‍රිකාව පරදවා ජයගත්තේ වසර 12 කට පසුවය. මෙම තරගාවලිය ජයගැනීම නිසා අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේදී ප්‍රසාද ලකුණු 97 ක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබේ. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇත. දකුණු අප්‍රිකා කණ්ඩායම 2 වැනි ස්ථානයේ පසුවෙයි.

-------------------------------------------------------------------------------------------------------------------------

Previous report - 23.7.2018

රංගන හේරත් ගේ සුපිරි පන්දු යැවීමත් සමග මෙමගින් 2-0ක් ලෙස ශ්‍රී ලංකාවට තරගාවලියේ ජය හිමි වේ . අද (23)නිමාවූ 2 වැනි test තරගය ලකුණු 199කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන රංගන හේරත් ගේ කඩුලු 6 සහ අනෙක් පන්දු යවන්නන්ගේ කඩුලු ලබා ගැනීමත් හේතු විය

දකුණු අප්‍රිකාව වෙනුවෙන් De Bruyn හා Temba Bavuma ගේ ලකුණු 123 සබදතාව ජයග්‍රහණය කරා ඔවුන් ගෙන යාමට ප්‍රමාණවත් නොවිණි


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now