Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

විපක්ෂ නායකකම ගන්න මහින්ද සූදානම්?

Mahinda Speaks about Opposition Leader..

Source: SBS Sinhala

උතුරු නැගෙනහිරින් කොටසක් වෙන් කර ගැනීමට උත්සහ කරනු හැර වෙන කිසිදු කාර්යයක් විපක්ෂනායකයා සිදු නොකරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂනායකයා  දකුණේ  ගැටලු කෙසේ වෙතත් උතුරේ ජනතාවගේ ගැටලු පිළිබදවවත් පාර්ලිමේන්තුවේදී කථා නොකරන බව  මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදී ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණි ඒ මහතා ශ්‍රී දළදා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගත් අතර මල්වතු මහා විහාරයට පැමිණ එහිදී මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටුවේය. අස්ගිරි මහා විහාරයට ගිය ඒ මහතා එහිදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් ද බැහැ දුටුවේය.

ශ්‍රී දළදා මාලිගාවේදී මාධ්‍ය හමුවේ පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“විපක්ෂ නායකයා සිය භූමිකාව ඉටුනොකළත් ඒකාබද්ධ විපක්ෂය, විපක්ෂයේ කාර්යයභාරය සිදුකරනවා.  අද ආණ්ඩුව පවතින්නේ අස්ථාවර තත්ත්වයකයි. ආණ්ඩුව පත්වෙලා මාස දෙක තුනකදී මම ප්‍රකාශ කළා ආණ්ඩුව අස්ථාවර වන බව. ආණ්ඩුවේ ගමන මී හරකෙකුයි එළ හරකෙකුයි එකට බැදලා යන ගමනක් වගේ. ආණ්ඩුවෙන් ඉවත්වෙලා ඒකාබද්ධ විපක්ෂයට පැමිණෙන මන්ත්‍රීවරුන් සාදරයෙන් පිළිගන්නවා. දැනටමත් 16 දෙනෙකු අප හා එක්ව සිටිනවා. ඔවුන් ජනාධිපතිවරණයේදී මා වෙනුවෙන් පෙනී සිටි අය බව අද බොහෝ දෙනෙකුට අමතක වෙලා. අද රටේ ආර්ථිකය කඩා වැටිලා. සංචාරකයන් එන්නේ නැහැ. මේක පාලු භූමියක් බවට පත් වෙලා. ආයෝජන එන්නේ නැහැ. ආයෝජන කියා මොවුන් අද හදුන්වන්නේ දේශීය සම්පත් විකුණන එකයි.”

කැලෑ කපලා, පරිසරය විනාශ කරනවා. පරිසරය රැක ගැනීම වෙනුවෙන් අප පැනවූ නිති පවා වත්මන් ආණ්ඩුව නොසලකා හරින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now