SKIP TO MAIN CONTENT

ඉන්ෆ්ලුවෙන්සා රෝගය හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාව තුල මරණයට පත් සංඛයාව 17 දක්වා ඉහළ නගියි

Elderly person blows nose
Source: Getty Images

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

ඉන්ෆ්ලුවෙන්සා රෝගය දකුණු ඔස්ට්‍රේලියාව තුල ව්‍යාප්ත වීම නිසා මරණයට පත් වූ සංඛයාව 17 දක්වා වැඩි වී තිබෙයි. ඉන් 13ක් වනුයේ වැඩිහිටි නිවාස වල සිටි වැඩිහිටියන්ය. මේ සමඟම රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමට වැඩිහිටි නේවාසිකාගාර බොහෝමයක් වසා දමා ඇති බවද වාර්තා වෙයි.

දකුණු ඔස්ට්‍රේලියානු රජය මෙම අර්බුදයට හේතූ ලෙස දක්වා තිබුණේ නොසීතු ලෙස වැඩි ප්‍රමාණයක් මේ වසර තුලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් පසු වීමයි. මේ හේතුවෙන් රෝගය වැළඳීමට වැඩි අවදානමක් ඇති පුද්ගලයින් හට එන්නත් ලබාගැනීමට තිබූ පහසුකම් ද  විපක්ෂය විසින් ප්‍රශ්න කර තිබෙයි.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී මහාචාර්ය Paddy Phillips පවසනුයේ 2019 වසර තුලදී වැඩිහිටි නේවාසිකාගාර තුළින් රෝගය ව්‍යාප්ත වීමේ සිද්ධීන් 53ක් වාර්තා වී ඇති බවයි. මේ හෙතුවෙන් දැනට වැඩිහිටි නේවාසිකාගාර 18ක් වසා දමා ඇති බවද ඔහු පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය සෙනසුරාදා වනවිට ඉන්ෆ්ලුවෙන්සා රෝගය හා සම්බන්ධ සිද්ධීන් 12,339 වාර්තා වූ බව හා පසුගිය වසරේදී එම කාලය වන විට ඉන්ෆ්ලුවෙන්සා රෝගය හා සම්බන්ධ සිද්ධීන් 1348 වාර්තා වී තිබූ බවයි.

SBS Sinhala Card
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now