SKIP TO MAIN CONTENT

ලාංකේය සංගීතයේ ප්‍රථම මහාචාර්යවරිය අද අවසන් ගමන් යයි.

Amara Ranathunga passes away
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

පසුගිය අඟහරුවාදා (16/10) අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ශ්‍රී ලංකා වේලාවෙන් අද (18/10) පස්වරු 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරෙමට නියමිතය.

ඊට ප්‍රථම එතුමියගේ දේහය අද පස්වරු 2 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට නියමිත බවද සඳහන්.

මිය යන විට 79 වැනි වියේ පසු වූ එතුමිය මීට දින කීපයකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබුණේ හෘදයාබාධයක් වැලඳීම හේතු කොටගෙනය.

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය වූ එතුමිය ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරිඳ විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now