SKIP TO MAIN CONTENT

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්ථවාදී කණ්ඩායම සතුව තිබූ මුදල්වල එකතුව රුපියල් මිලියන 140 ක්.

Easter Sunday Attack
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්ථවාදී කණ්ඩායම සතු තිබුණු රුපියල් මිලියන 140 කට වැඩි මුදල් ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන තිබේ.

අදාළ ප්‍රහාර වලට සම්බන්ධ ත්‍රස්ථවාදී කණ්ඩායමේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයේදී මේ බව අනාවරණය කර ගෙන ඇත.

එම මුදල්වලින් කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති අතර, ඉතිරි මුදල් බැංකු ගිණුම්වල තැන්පත්ව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

එම ගිණුම් මේ වන විට තහනම් කිරීමටත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවද සඳහන්.

ඊට අමතරව එම ත්‍රස්තවාදීන් සතුව ඇති වෙනත් වත්කම් ගණනාවක් ද මේ වන විට හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now