SKIP TO MAIN CONTENT

2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ට ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුළත් කෙරෙන ලකුණු.

ICC has published guidelines for the safe resumption of cricket to assist its Members in restarting cricket activity
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

වසර 2028 ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල ට ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ දුරට ඇතුළත් විය හැකිබව වාර්තා වේ.

ලෝකයේ පැවැත්වෙන මහා ක්‍රීඩා මංගල්‍යය ලෙස හැඳින්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට පසුගිය වසර කිහිපය මුළුල්ලේ සිටම ICC ය උත්සාහ දරමින් සිටියේය.

නමුත් එම සිහිනය සැබෑ වීමට වැඩි ඉඩක් ඇති බව පසුගියදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති උත්සවයකදී Marylebone ක්‍රිකට් සමාජයේ සභාපති Mike Gatting ප්‍රකාශ කළේය.

අභිනවයෙන් පත්වූ ICC ප්‍රධාන විධායක Manu Sawhney ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now