වසර 2028 ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල ට ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ දුරට ඇතුළත් විය හැකිබව වාර්තා වේ.
ලෝකයේ පැවැත්වෙන මහා ක්‍රීඩා මංගල්‍යය ලෙස හැඳින්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට පසුගිය වසර කිහිපය මුළුල්ලේ සිටම ICC ය උත්සාහ දරමින් සිටියේය.
නමුත් එම සිහිනය සැබෑ වීමට වැඩි ඉඩක් ඇති බව පසුගියදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති උත්සවයකදී Marylebone ක්‍රිකට් සමාජයේ සභාපති Mike Gatting ප්‍රකාශ කළේය.
අභිනවයෙන් පත්වූ ICC ප්‍රධාන විධායක Manu Sawhney ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.