ICC පන්දු යවන්නන් අතර අංක එකට පත්වුණු ශ්‍රී ලංකාවේ එකම වේග පන්දු යවන්නා සමුගැනීමේ තරගයක් නොමැතිවම ක්‍රිකට් දිවියට තිත තියයි.

Sri Lanka seamer Nuwan Kulasekara retires from international cricket

Source: Getty Images

ශ්‍රී ලංකා පිළේ දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඊයේ (24/07) නිල වශයෙන් නිවේදනය කළේය.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී කුලසේකර සිය සමුගැනීම නිල වශයෙන් දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන් හට සමුගැනීමේ තරගයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කළ නමුත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් එනිසාම තම සමුගැනීම ප්‍රකාශ කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව තමන් සිතූ බවත් ඔහු එහිදී පැවසුවේය.

ලසිත් මාලිංග සමුගන්නා තරගයේදීම තමන්ටද සමු ගැනීමට ලැබෙනු ඇතැයි තමන් සිතූ නමුත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

හෙටින් ඇරඹෙන බංග්ලාදේශ තරගාවලියට නම් කළ සංචිතයේ පවා තමන්ගේ නම ඇතුළත් නොවීමෙන් ගම්‍ය වන්නේ තමන්ට එකුදු තරගයක් හෝ නොලැබන බව නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව කුලසේකර පැවසුවේය.

2007 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ නුවන් කුලසේකර එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකකට සහ 20-20 ලෝක කුසලාන තරගාවලි තුනකට ක්‍රීඩා කර තිබේ.

2017 වසරේ ජූලි මාසයෙන් පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තමන්ට අවස්ථාව ලබා නොදුන් බවත් ඉන් පසුව අන්තර් පළාත් තරගාවලියට පවා තෝරා නොගත් බවත් ඔහු එහිදී පැවසීය.

තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා නුවන් කුලසේකර පිළිබඳව නොදන්නා සේ හඟවමින් කළ ප්‍රකාශය පිළිබඳව කළ විමසුමේදී ඔහු මෙසේ අදහස් දැක්වීය.

“තේරීම් කමිටු සභාපතිවරයා නොදන්නවා වුණාට මම ඕස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කරනවා කියලා සෙසු අය දන්නවා. මම ලෝක එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගනෙ සිටියා. ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නකුට නැවත ඒ තැනට එන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා”

නුවන් කුලසේකර පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 21 සහභාගී වී කඩුලු 48 ක්ද එක් දින තරග 184 කට සහභාගී වී කඩුලු 199 ක්ද 20-20 තරග 58 කට සහභාගී වී කඩුලු 66 ක්ද ලබාගත්තේය.

එමෙන්ම ICC පන්දු යවන්නන් අතර අංක එකට පත්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එකම වේග පන්දු යවන්නා ලෙසද ඔහුව ඉතිහාසගත වේ.


2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now