SKIP TO MAIN CONTENT

පේරාදෙණිය සරසවි සිසුන් සයිටම් සත්‍යග්‍රහය අත් හරියි.

Peradeniya University Students gave up the SAITM protest.
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ලබාදුන් තීන්දුව පිළිගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් සිය අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (13/11)  අවසන් කළේය.

රජය මගින් ලබාදුන් තීන්දුව පිළිගත හැකි නමුත්  නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය රට තුළ ස්ථාපනය කිරීම වෙනුවෙන් සිසුන් කරන අරගල අත්නොහරින බව විරෝධතාවට එක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිපුන සංකල්ප මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය පීඨයේ සිට පා ගමනින් පැමිණි සිසුන් සිය අරගල අවසන් නොමැති බව සංකේතවත් කරමින් ගලහ හන්දියේ කෙටි විරෝධතාවක් පළ කළ අතර අනතුරුව දින 653ක් සම්පූර්ණ වී තිබුණු සිය සත්‍යග්‍රහයේ අට්ටාලය ගලවා ඉවත් කළෝය.

වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් විසින් රැගෙන විත් තිබුණු කැවුම් කිරිබත් රස විදිම ද මෙම අවස්ථාවේ සිදුවූ අතර සිසුන් සිය ජයග්‍රහණ සැමරුම් නිමින්තෙන් අට්ටාලය අසල සිට සමූහ ඡායාරූප ගැනීම ද සිදුවිය.

පැයක පමණ කාලයක් පැවැති මෙම ක්‍රියාවලිය නිසා මහනුවර කොළඹ මහා මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වි තිබුණු අතර වාහන ධාවනය යථාවත් කිරීමට පේරාදෙණිය පොලිස් නිලධාරීන් කටයුතු කළහ.

සෙසු විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ මේ වන විට ආරම්භ වූ නමුත් පේරාදෙණීය විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ සියලුම සිසුන් එක් අවස්ථාවක අධ්‍යයන සදහා සහභාගී විය යුතු බවට ලිඛීත ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව ඔවුන් මෙම මස 20 වන දින පෙරවරුවේ දේශන සදහ සහභාගීවන බව වැඩබලන උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් විජයවීර මහතා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now