SKIP TO MAIN CONTENT

මීළඟ ක්‍රිකට් නිලවරණයට අළුත් ක්‍රමයක් : ඇමති හරීන් තදින් සිටී

Harin Fernando _ Sports minister of Sri Lanka
Harin Fernando _ Sports minister of Sri Lanka

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

එළඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ඡන්ද සංඛ්‍යාව 10 ක් දක්වා අඩු කරන බවත් ඒ සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරාහී මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා පැවැති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා යෝජිත ව්‍යවස්ථාව මැයි මාසයට පෙර ක්‍රියාත්මක කිරීමේ අදහසක් පවතින බවත් මේ දිනවල එහි සංශෝධන පිළිබඳව සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද සංඛ්‍යාව අඩු කිරීම සඳහා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඉදිරිපත් කළ කෙටුම්පත මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් සූදානමින් සිටින බවද ක්‍රීඩා අමාත්‍ය හරින ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ. චන්ද ඉලක්ක කොට ගෙන අනවශ්‍ය ලෙසට හතු පිපෙන්නාක් මෙන් ක්‍රිකට් ක්‍රීඩා සමාජ බිහිව ඇති බවත් ඒ හරහා නිලවරණයට අනවශ්‍ය බලපෑම් සිදුවන බවත් අමාත්‍යවරයාගේ අදහසයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now