SKIP TO MAIN CONTENT

ලංකාවේ පුංචි ඡන්දය අවසන්. ඡන්ද ගනින්න සියල්ල සූදානම්.

LG poll of Sri Lanka
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද විමසීම අද (10/02) ශ්‍රී  ලංකා වේලාවෙන් පස්වරු 4 ට අවසන් විය.

මෙවර ,මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 43ක් සහ ස්වාධීන කණ්ඩායම් 222ක් තරග වැදුනි.

පළාත් පාලන ආයතන 340ක් සඳහා අපෙක්ෂකයන් 57219ක් තරග වැදුණු අතර මෙයින් 8346ක් තෝරා පත් කර ගැනීමට නියමිතය.

ඒ අනුව මහා නගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් වෙනුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වේ.

මෙතෙක් පැවැති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වුවද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඡන්ද පෙත්සමක් ලැබීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අත්හිටුවා තිබේ.

ඒ අනුව අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙන් පාළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක් දක්වා වැඩිවී තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මැතිවරණය වනු ඇති බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඡන්ද මධ්‍යස්ථාන 13374ක දී පළාත් පාලන මැතිවරණය පැවති අතර, ඡන්ද ගණන් කිරීම ද එම ස්ථානයේ දී සිදුකරනු ලබන අතර, ඇතැම් කොට්ඨා‍සවල කලින් තෝරා ගත් ස්ථානවල ඡන්ද ගණනය කිරීම සිදුවේ.

ඒ අනුව ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 6823කි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now