SKIP TO MAIN CONTENT

ICC දුෂණ මර්දන ඒකකය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත හදිසියේ කඩා පනියි.

ICC anti-corruption unit made an emergency visit to Sri Lanka Cricket.
Source: SLC

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඊයේ (08/10) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත හදිසියේ පැමිණි ICC හි දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් පුහුණු කරුවන්ගේ කළමනාකරු ලෙසින් කටයුතු කරන හේමාල් මෙන්ඩිස් මහතාව ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකට රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

එසේම ඔහුගේ ජංගම දුරකතනයද පරීක්ෂණ කටයුතු සඳහා ICC හි දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මේ දිනවල මුදලට තරඟ  පාවාදීම වෙනුවෙන් ICC ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සිදුකරන පරීක්ෂණයේ ප්‍රථිපලයක් ලෙසට මෙම විමර්ශන සිදුකෙරෙන බවද වාර්තා වේ.

මේ අතර ඊයේ (08/10) දිනයේදී ICC හි දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හෙට (10/10) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් රැඳී සිටින හෝටල් කාමර සහ ක්‍රීඩකයින්ගේ ජංගම දුරකතනද හදිසි පරික්ෂා කිරීම් වලට ලක්කොට ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලංකා - එංගලන්ත කණ්ඩායම් අතර හෙටින් ආරම්භ වන ක්‍රිකට් තරඟ මාලාවට එක්දින තරඟ 5 ක් , එක් 20 යි 20 තරඟයක් සහ ටෙස්ට් තරඟ 3ක් ඇතුලත් වේ.

ඉන් එක්දින තරඟ මාලාවේ පළමුවැන්න හෙට දඹුල්ල ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට එනම් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 8.00 ට රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now