SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පිටත කඳවුරු වල සිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රධාන භූමියට එන සරණාගතයින් ආපසු යැවීම ගැන ප්‍රශ්නයක්.

Government investigates 'unusual' powers to send refugees back to Manus, Nauru
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මානුස් සහ නාවුරු දූපත් වල සිටින සරණාගතයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී ඇති යම් යම් නීතිමය සිදුරු හරහා විශාල හානියක් සිදුවිය හැකි බව නීතිපති Christian Porter පවසයි.

ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සරණාගතයින්ව ඔස්ට්‍රේලියාවට නීත්‍යානුකූලව ගෙනඒමට අවසර ලබා දෙන පනත පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ලිබරල් සන්ධාන රජය මේ සඳහා විරුද්ධව ඡන්දය භාවිතා කළද කම්කරු පක්ෂය ප්‍රමුඛ විපක්ෂය එය ජයගැනීමට සමත් විය.

මෙම පනත නිසා සරණාගතයින් සිය ගණනක් නුදුරේදීම ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට පැමිණෙන බවත් මෙම පනතෙහි ඇති දුර්වල ස්ථාන නැවත විමර්ශනය කර වහාම නිවැරදි කළ යුතු බවත් නීතිපති Christian Porter, A-B-C පුවත් වෙත පැවසීය.

විශේෂයෙන්ම, එලෙස වෛද්‍ය ප්‍රතිකාර පතා ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට පැමිණෙන සරණාගතයින් වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව නැවත ප්‍රධාන භූමියෙන් පිටව යාමේ නීතිමය තත්ත්වය පිළිබඳ පැහැදිලි බවක් නැති බව ඔහු පෙන්වා දෙයි.

නමුත් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට පැමිණෙන එම සරණාගතයින් වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව නැවත ප්‍රධාන භූමියෙන් පිටව යාම පනත් කෙටුම්පතෙහි සටහන් ආකාරයටම සිදුවන බවත් එහි කිසිදු සංශෝධනයක් සිදු නොකළ බවත් කම්කරු පක්ෂයේ ආගමන කටයුතු පිළිබඳ ඡායා අමාත්‍ය Shayne Neumann පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now