SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ 2වන ටෙස්ට් තරගය - ශ්‍රී ලංකාව ලකුණු 312 ක් ඉදිරියෙන්

SL vs Ban 2nd Test
Source: AP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන ඊයේ තරගය නිමා වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 කට ලකුණු 200 ක් රැස් කරගෙන සිටියි.

රොෂේන් සිල්වා නොදැවී ලකුණු 58 යි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර සියල්ලන්ම දැවී ලකුණු 222 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 68 ක්ද රොෂේන් සිල්වා ලකුණු 56 ක්ද ලබා ගත්තේය.

ඉන් අනතුරුව බංග්ලාදේශය තම ප්‍රථම ඉනිම ආරම්භ කළ අතර ඔවුන්ව ලකුණු 110 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් සහ අකිල ධනංජය කඩුලු 3 බැගින්ද දිල්රුවන් පෙරේරා කඩුලු 2 ක්ද බිඳ හෙළීය.

මේ වන විට ශ්‍රී ලංකාවකඩුලු 2 ක් අතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 312 ක් ඉදිරියෙන් සිටියි.

අද (10/02) තරගයේ තුන්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now