SKIP TO MAIN CONTENT

නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගය කඩුලු 6 කින් ජයගත් ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට.

ICC World Test Championship
Source: Facebook

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් අත් කරගත්තේය.

ලකුණු 268 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පහසුවෙන් පසු කළේය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න දෙවැනි ඉනිම සඳහා ඉතා හොඳ ආරම්භයක් ලබා දුන් අතර ඔවුන්ගේ සම්බන්ධතාව ලකුණු 161 ක් විය.

එය ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේදී ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු පැවැත්වූ ඉහළම ලකුණු සබඳතාව වන අතරම ලොව ඕනෑම කණ්ඩායමක් ආසියාවේ දී ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේදී පැවැත්වූ 3 වන ඉහළම ආරම්භක පිතිකරු සබඳතාව ලෙසද වාර්තා වේ.

එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 122 ක් ලබාගත් අතර ලහිරු තිරිමාන්න ලකුණු 64ක් ලබාගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමග තරග 2කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටියි.

තරගයේ වීරයා සම්මානය දිමුත් කරුණාරත්න ට හිමිවිය.

මෙම ටෙස්ට් තරගය ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ පැවති අතර ලද ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 60 ක් හිමිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියයේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පළමු ස්ථානයේ පසුවෙයි.

ප්‍රසාද ලකුණු 24 ක් ලබා ඇති ඔස්ට්‍රේලියාව මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවෙයි.

දෙරට අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන අගෝස්තු 22 වන දින කොළඹ ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now