SKIP TO MAIN CONTENT

ICC දූෂණ මර්දන ඒකකයෙන් නුවන් සොයිසාටත් චෝදනා.

Nuwan Zoysa charged under ICC anti-corruption code
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ICC දූෂණ මර්දන ඒකකයේ නීති උල්ලංඝනය කළා යැයි පවසමින් ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට ICC දූෂණ මර්දන ඒකකය චෝදනා ගොනු කර තිබේ.

ICC දූෂණ මර්දන ඒකකයේ නීති සංග්‍රහයේ වගන්ති තුනක් උල්ලංඝනය කළා යැයි පවසමින් මෙසේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස නුවන් සොයිසා කටයුතු කරමින් සිටි අතර උද්ගතවුණු මෙම තත්ත්වය හේතුවෙන් ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබෙන බව ESPNCricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

වසර 2007 දී නුවන් සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 30 කට, එක් දින තරග 95 කට සහභාගී වී තිබේ.

කෙසේවෙතත්, මේ චෝදනා සඳහා තම අදහස් ප්‍රකාශ කිරීමට  නුවන් සොයිසා හට අද (01/11) සිට සති දෙකක කාලයක් ලබා දී ඇත.

මේ අතර පසුගිය ඔක්තෝබර් මස මැද බාගයේදී ICC දූෂණ මර්දන ඒකකයේ නීති සංග්‍රහයේ වගන්ති ද්විත්වයක් උල්ලංඝනය කළා යැයි පවසමින් රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ සුපිරිතම ප්‍රහාරාත්මක පිතිකරුවා සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරිය මහතාට ICC දූෂණ මර්දන ඒකකය චෝදනා ගොනු කෙරිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now