ඕස්ට්‍රේලියාවෙත් ලංකාවෙත් ඉන්නේ සමාන ජනගහනයක්, එත් ඔස්ට්‍රේලියාවේ ශෛල්‍ය වෛද්‍ය ඉල්ලුම වැඩියි : ශ්‍රී ලංකා ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති කියයි. (වීඩියෝ)

Annual session of Surgeons of Sri Lanka

Annual session of Surgeons of Sri Lanka Source: SBS Sinhala

සමස්ථ ලෝකයේ  ශෛල්‍ය වෛද්‍යවරුන්ට නොදෙවෙනි වන සේවයක් ශ්‍රී ලංකාවේ ශෛල්‍ය වෛද්‍යවරුන් විසින් ඉටු කරන බව ශ්‍රී ලංකා ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යා සංගමයේ සභාපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ  මහතා පැවසීය. ලංකාවේ ශෛල්‍ය වෛද්‍යවරුන් සදහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින නමුත් ඔවුන් ශ්‍රී ලංකාව තුළ සිදුකරන්නේ ද එම සේවයම යැයි මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකා ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යා සංගමයේ 46 වන සමුළුව අද ( අගෝස්තු 18) මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ආරම්භ වූ අතර ඒ නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.

 

බොහෝ දියුණූ රටවලට සාපේක්ෂව ලංකාවේ පහසුකම්, මිල මුදල් ආදියෙන් අවම තත්ත්වයක පැවතුණත් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිඵල කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි යැයි ඒ මහතා කීවේය. ශෛල්‍ය වෛද්‍ය ක්ෂ්ත්‍රය අඩු පාඩුවලින් තොරව උසස් තත්ත්වයෙන් පවත්වා ගැනීම සදහා රජයේ මැදිහත්වීම මත නිරන්තර පර්යේෂණ හා සමීක්ෂණ සිදුකරන බවද එංගලන්තය වැනි දියුණු රටවල මේ සදහා වසර විස්සක පමණ කාලයක සිට විවිධ පර්යේෂණ මෙහෙයවන බව ද වෛද්‍යවරුන්ගේ විද්‍යා සංගමයේ සභාපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ  මහතා පැවසිය.

ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මක වශයෙන් සමාන වුවත් දෙරටේ විශාලත්වය අනුව ඕස්ට්‍රේලියාවේ ජන සංඛ්‍යාව විශාල ප්‍රදේශයක ව්‍යාප්තවී ඇති බැවින් එරටට ශෛල්‍ය වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බව කී මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා මෙසේ කීවේය.

"ශ්‍රී ලංකාවට එවැනි විශාල ශෛල්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. නමුත් අපට තවත් ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සේවය අවශ්‍යයි.  තව දුරටත් ශෛල්‍ය වෛද්‍යවරු මෙරටට අවශ්‍ය බව ආරම්භයේ සිටම කථිකාවතක් තිබුණා. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලුව අදාළ ආයතන කටයුතු කරමින් සිටිනවා.

මහනුවර දී ආරම්භ වූ ශ්‍රී ලංකා ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යා සංගමයේ 46 වන සමුළුවේදී මෙරට රෝග සම්බන්ධයෙන්  වැදගත් කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කෙරෙනවා.

දියවැඩියා රෝගීන්ගේ පාද ආරක්ෂා කර ගැනීමට ප්‍රතිකාරමය කටයුතු කිරීම හා එහි ප්‍රතිකාර කටයුතු දිවයින පුරා සුදුසුකම් සහිත රෝහල්වලදී සිදුකර ගැනීම,  වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා ආචාර ධර්ම පද්ධතියක් යටතේ එම ප්‍රතිකාර ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙම සමුළුවේදී අවධානය යොමු වෙනවා.

අක්මා රෝග පිළිබදව ප්‍රතිකාර සදහා නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම, කැමරා ආශ්‍රිතව ප්‍රතිකාර කටයුතු දියුණු කිරීම, ආහාර මාර්ග පද්ධතියේ ඇතිවූ පිළිකා සදහා ප්‍රතිකාර කිරීම පිළිබදව ද සමුළුවේදී සාකච්ඡා කරනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ පවතින ප්‍රතිකාර තත්ත්වය තව දුරටත් ගුණාත්මක ලෙස පවත්වා ගැනීමට කටයුතු කරන බව මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා ප්‍රකාශ කළේය.

ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ශෛල්‍ය වෛද්‍ය මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රෙස්කර මහතා අදහස් දක්වමින් ඉදිරි වර්ෂ පහ තුළදී ශෛල්‍ය වෛද්‍යවරුන් 300ක් පමණ ක්ෂේත්‍රයට බිහිකිරීමට හැකි තත්ත්වයක් රාජ්‍ය විශ්ව විද්‍යාල හා පශ්චාත් උපාධි පුහුණු ආයතන තුළ  සිදුවන බව කීවේය. දැනට සාමාන්‍ය පරිදි වර්ෂයකට ශෛල්‍ය වෛද්‍යවරු 50 – 60ක් අතර ප්‍රමාණයක් බිහිවන බව ද ඒ මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකා ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යා සංගමයේ ලේකම් වෛද්‍ය රසික කොටකදෙණිය, ශ්‍රී ලංකා ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යා සංගමයේ සමුලු සභාපති මහාචාර්ය කේ.බී.ගල්කැටිය යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.


3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Kandy - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now