SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවෙන් නවසීලන්තයට යැවූ ස්ට්‍රෝබෙරි වලත් ඉඳිකටු..

Straberries sold in Queensland
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වෙළද පොලට නිකුත් කර තිබු ස්ට්‍රෝබෙරි තුල තිබී ඉදිකටු හමුවීමේ සිද්ධි වලින් අනතුරුව නවසීලන්තයේ සුපිරි වෙළදසැල් ජාලයක් තුල අලෙවියටතිබු ස්ට්‍රෝබෙරි තුලද තිබී ඉදිකටු හමුවී ඇති බව ඊයේ (23/09) දිනයේවාර්තා විය.

බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් ආනයනය කර ඇති මෙම ස්ට්‍රොබරි Woolworth's සුපිරි වෙළදසැල් ජාලයට අයත්  නවසීලන්තයේ Countdown සුපිරි වෙළද සැල් ජාලයෙන් පාරිභෝගිකයෙකු විසින් මිලදී ගෙන ඇති බව සදහන්.

ඒ අනුව මෙම ස්ට්‍රොබරි සන්නාමය නවසීලන්තය පුරා තම වෙළදසැල් ජාලයෙන් ඉවත් කරන්නට පියවර ගෙන ඇති බව Countdown සුපිරි වෙළද සැල් ජාලය සදහන් කරයි.

මේ පිලිබදව ඔස්ට්‍රේලියානු සහ නවසිලන්ත පොලීසිය දැනුවත් කර ඇති බවත් දෙරටේ අදාල රාජ්‍ය ආයතනද මේ පිලිබදව දැනුවත් කර ඇති බවත් එම වෙළදසැල් ජාලය අයත් සමාගම පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now