SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු නාවික හමුදාව සඳහා ඇමෙරිකානු න්‍යෂ්ඨික සබ්මැරීන මිලට ගත යුතුයි - හිටපු අගමැති Tony Abbott.

Abbott and Turnbull
A Tony Abbott (left) Malcolm Turnbull (right) at Parliament House, in Canberra Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පැසිෆික් සාගරයේ හමුදා සීමා ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා ඇමෙරිකානු න්‍යෂ්ඨික සබ්මැරීන මිලට ගැනීමට ටර්න්බුල් රජය අවධානය යොමු කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති Tony Abbott පවසා තිබේ.

ස්වාධීන අධ්‍යනයන්හි කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්වෙන Sydney thinktank හි සිදු කළ විශේෂ කතාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

සබ්මැරීන නිෂ්පාදනයේ සුප්‍රසිද්ධ සමාගමක් වන ප්‍රනාශයේ DCNS මගින් ඔස්ට්‍රේලියාව තුළ නිෂ්පාදනය කිරීමට යන සබ්මැරීන 12 හේ ශක්තිය පිළිබඳ සැකයක් පවතින බව ද Tony Abbott එහිදී පවසා ඇත.

2030 වන තෙක් මෙම Shortfin Barracuda වර්ගයේ සබ්මැරීනය මෙහෙයුම් කටයුතු සඳහා යොදා නොගත හැකි බවද ඔහු පවසයි.

තමන්ගේ අගමැති ධුර කාලයේදී කණගාටු වූ ප්‍රධානතම කරුණක් වන්නේ න්‍යෂ්ඨික සබ්මැරීන තාක්ෂණය බවත් පසුව හෝ එය නිවැරදි ලෙස කරගැනීමට හැකිනම් රටට වඩා යහපත් බවත් ඔහු පැහැදිලි කළේය.

පැසිෆික් කලාපයේ සහ දකුණු චීන මුහුදේ දිනෙන් දින වැඩි වන අභියෝග හමුවේ ශක්තිමත් සහ දිගු දුර සබ්මැරීන අවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රංශ සමාගමේ නිෂ්පාදන කටයුතු එලෙසින්ම සිදු කෙරෙමින් පවතින විට දෙවැනි සැලැස්මක් ලෙස අමෙරිකාවෙන් සබ්මැරීන මිලට ගැනීම සිදු කළ යුතු බවද Tony Abbott පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now