ගබ්සාව පිළිබඳ නීති අපැහැදිලියි, යල් පැනලා : ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් වෛද්‍යවරු වාද කරයි. (SBS සිංහල / වාර්තා)

ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල ගබ්සාව නීත්‍යානුකූල වූයේ කවදාද යන්න පිළිබඳ අපැහැදිලිබවක් ඇතැයි මහාචාර්ය James Cook පැවසීය.

Abortion laws 'ambiguous, outdated' in Qld and NSW

Source: www.doctorportal.com.au

ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල ගබ්සාව පිළිබඳ ඇති නීති අලුත් කලයුතු බවට ඉල්ලීමක් තිබේ. මන්ද Medical Journal of Australia නමැති සඟරාව පෙන්වාදෙන අන්දමට එම ප්‍රාන්තවල ගබ්සාව සම්බන්ධ නීති යල් පැනගොස් ඇති අතර ඒවා නැවත සකස් කළ යුතුය.

අදාළ නීති අපැහැදිලි හා කල් ඉකුත් වී ඇති නිසා වෛද්‍යවරුන්ට මෙන්ම රෝගීන්ටද එය නීතිමය වශයෙන් බාධා එල්ල කරන බව එහි කතුවරිය පෙන්වා දී තිබේ.

මෙය ඔස්ට්‍රේලියාව තුළ සුලබව ක්‍රියාත්මක කරන ශල්‍ය කර්මයක් වන නමුත් වෛද්‍ය වෘත්තීය එය නොසළකා හැර ඇති බවත් ඒ සම්බන්ධව කතිකාවක් ගොඩනැගිය යුතු බවත් එහි කතුවරිය වන James Cook විශ්ව විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ මහාචාර්ය Caroline de Costa පවසයි.

වෛද්‍යවරුන් මෙම කරුණ සම්බන්ධව වඩාත් සම්බන්ධව කටයුතු කළ යුතු බවද ඇය පවසයි.

ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල ගබ්සාව නීත්‍යානුකූල වූයේ කවදාද යන්න පිළිබඳ අපැහැදිලිබවක් ඇතැයි මහාචාර්ය James Cook පැවසීය.

ගබ්සා කිරීමේදී හෝ ඒ පිළිබඳ තොරතුරු ලබාදීමේදී වෛද්‍යවරු, පවතින අස්ථාවර නීතිමය තත්ත්වය මත තවමත් ඉතා විමසිලිමත් වන බවද ඇය පැවසීය.

කාන්තාවකට තමන් පිළිබඳ අයිතිය තීරණය කිරීමේදී වෛද්‍ය ක්‍රියාවලියට අනුව එය සම්පූර්ණ වලංගු ක්‍රියාවක් බව දිස්වීමෙන් ගබ්සාව පිළිබඳ වෛද්‍ය විද්‍යාව පසින් නීත්‍යානුකූල අපැහැදිලිබවක් ඉස්මතු වන බවද මහචාර්යවරිය පවසයි.   

ග්‍රාමීය ප්‍රදේශවල සිටින කාන්තාවන් හට ගබ්සාව යනු අධික වියදම් සහිත දෙයක් වනවා සේම එය සිදු කරගැනීමට ඇති අපහසුතාව (එය බොහෝ විට සිදු කරන්නේ පුද්ගලික සායන වලය) මෙලෙස නීත්‍යානුකූල අපැහැදිලිබව බව ලෙස ඇය අදහස් කරයි.

මේ වන විට ඉහත ප්‍රාන්ත දෙකෙහි කාන්තාවන් හට ගබ්සාවන් කරගැනීමට හැකි නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 1900 අපරාධ පනත හා ක්වීන්ස්ලන්තයේ 1899 අපරාධ කේතය යටතේ එකී කාන්තාවන්ට, එයට සම්බන්ධ වෛද්‍යවරු සහ අනෙක් පුද්ගලයන් හට එය අධි චෝදනා ලැබිය හැකි වරදකි.

1971 වසරේ සිදුවූ උසාවි සිද්ධියකින් පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගබ්සාව නීත්‍යානුකූල බවට සලකන්නට විය. අදාළ කාන්තාවගේ ජීවිතය බරපතල අනතුරකින් බේරාගැනීමට හැකිවීම හෝ ශාරීරික හෝ මානසික සෞඛ්‍ය යහපත් අන්දමින් පවත්වාගැනීමට හෝ වැනි සාධාරණ හේතු මත ගබ්සාව එලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නීත්‍යානුකූලව සැලකීමට පටන්ගෙන තිබේ.

අදාළ කාන්තාව ශාරීරිකව හෝ මානසිකව බරපතල අනතුරකින් බේරාගැනීමේදී ගබ්සාව නීත්‍යානුකූල බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය 1986 වසරේදී නීතිගත කර ඇත.  


2 min read

Published

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now