SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ නීතිගත කිරීමේ තැපැල් ඡන්දය පැවැත්වීමට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට හැකියාවක් නැතිලු.

Overseas Aussies to get 'paperless' survey
Overseas Aussies to get 'paperless' survey Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා යෝජිත තැපැල් ඡන්දය පැවැත්වුවහොත් එය නියමිත කාලයට පැවැත්වීමට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට හැකියාවක් නොලැබෙනු ඇතැයි එහි සේවය කරන බොහෝ සේවකයින් සිතන බව වෘත්තීය සමිති සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනීම පිණිස ප්‍රජා සහ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතිය විසින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සේවකයින් එකසිය පනස් දෙදෙනකු යොදාගෙන මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

මෙවැනි මැතිවරණයක් මෙහෙයවීමට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නුසුදුසු බවත් මෙම කටයුත්ත හේතුවෙන් තමන්ගේ අනෙකුත් වැඩ කටයුතු සඳහා බාධාවක් ඇතිවේදැයි බියෙන් පසුවන බවත් එහිදී බොහෝ සේවකයින් අදහස් දක්වා ඇත.

මෙම සමීක්ෂණය සඳහා ලබාගත් නියැදිය සුළු වුවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පුරා මෙම සැකය සහ බිය පැතිරී ඇති බව ප්‍රජා සහ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතියේ නියෝජ්‍ය ලේකම් Melissa Donnelly  පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now