SKIP TO MAIN CONTENT

රනිල්ට නීතිය හා සාමය භාර දීම ගැන පා.ම. විමල් වීරවංශ මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයාට නොසෑහෙන්න බැනවැදුනේ මෙහෙමයි.(වීඩියෝ)

MP - Wimal Weerawansha
MP - Wimal Weerawansha

2 min read

Published

Updated

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

රටට සිදුකරන විකට ජවනිකා නවත්වා කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26/02) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

විකට ඇමති මණ්ඩල සංශෝධනය සියලු දෙනාගේ හාස්‍යයට බදුන්වූවක් බවත් මහ බැංකු මුදල් කොල්ලයේ මහ මොළකරුවන අග්‍රාමාත්‍යවරයාට නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය භාර දීම හොරා කාපු බළලෙකුට උම්බලකඩ කැබැල්ලකින් පහර දීමක් වැනි බවත් ඒ මහතා එහිදී පැවසුවේය.

මැතිවරණ සමයේදී අගමැතිතුමනි, හොරු අල්ලන්න මට ශක්තිය ලබා දෙන්න යැයි කී ජනාධිපතිවරයා, මැතිවරණයෙන් පසු ප්‍රධාන සොරාට පොලීසිය භාර දීම ජනතාවගේ හාස්‍යයට පත්වීමක් බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩව බලයට පත්වී දින විස්සක් යන විට සොරකම් කරන්න පටන් ගත්තා, බැදුම්කර සොරුන් සමග මට ආණ්ඩු කරන්න බැහැ යැයි කී ජනාධිපතිවරයා මෙවර මැතිවරණයේදී යන්තම් 13%ක එක්සත් ජාතික පක්ෂ විරෝධී ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව කී මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේය.

"රගපෑමක නිරතවූ ජනාධිපතිවරයා ඇමති මණ්ඩල සංශෝධනයෙන් සිදුකළේ කුමක්ද? මැතිවරණයෙන් පසුව මහ බැංකු කොල්ලයේ මහ මොළකරු අත්අඩංගුවට ගන්නැයි ජනාධිපතිවරයා පොලීසියට නියෝග කරතැයි ජනතාව විශ්වාස කළා. නමුත් දැන් සිදුවෙලා තිබෙන්නේ සොරා කාලා පැනලා යන පූසට උම්බලකඩ පොල්ලකින් ගහනවා වගේ වැඩක්. බළලා උම්බලකඩත් කකා යනවා යැයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය."


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now