SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාව තුල Facebook සහ Google ක්‍රියාත්මක වන ආකාරය සොයාබලන්න විමර්ශනයක්

Tech giants facebook and Google
Tech giants facebook and Google Source: Pixabay/geralt CC0

2 min read

Published

By Sanjaya Dissanayake



Skip to article content

ඕස්ට්‍රේලියාව තුල සම්ප්‍රදායික මාධ්‍ය ආයතන, අන්තරජාලය පදනම් කරගත් මාධ්‍ය ආයතන හේතුවෙන් අසාධාරණයට ලක් වී ඇත්දැයි සොයාබැලීමට විමර්ශනයක් ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ අවධානය යොමුව තිබේ. Google සහ Facebook වැනි අන්තර්ජාලය ඔස්සේ තොරතුරු බෙදාහරින ආයතන හේතුවෙන් සම්ප්‍රදායික සහ අනෙකුත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන අපහසුතාවයට ලක් වී ඇත්දැයි සොයා බැලීම මෙම විමර්ශනයේ මුලික අරමුණ වී ඇති බව සදහන්.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන ගෙවී ගිය වසර කීපය තුල සැලකිය යුතු සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීම කැපී පෙනෙන කාරණයක් බවට පත් වූ අතර, පසුගියදා HuffPost's ඕස්ට්‍රේලියානු වෙබ් අඩවිය සේවක කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීමද, මෙම සේවක කප්පාදු කිරීම් තවදුරටත් පවතින බවට කදිම උදාහරණයක්.

ඕස්ට්‍රේලියාව  තුල මාධ්‍ය ආයතන හිමිකාරිත්වය පිළිබද පවතින නීති ප්‍රතිපාදන රජය විසින් පසුගියදා සංශෝධනය කල අතර, ස්වාධින සෙන්ට් සභික Nick Xenophon ඒ සදහා රජයට සහාය ලබාදුන්නේ කොන්දේසි සහිතවයි. එහි ප්‍රධාන කොන්දේසිය බවට පත් වුනේ Google සහ Facebook වැනි අන්තර්ජාලය මාධ්‍ය ආයතන ඕස්ට්‍රේලියාව තුල ක්‍රියත්මක ආකාරය පිළිබද විමර්ශනයක් කැදවිමයි.  ඒ අනුව රජය විසින් මෙම විමර්ශනය කැදවා තිබෙන බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මේ වසර තුල පමණක් ලොව පුරා වෙළද ප්‍රචාරණ අදායමෙන් පහෙන් එකක් Google සහ Facebook ආයතන වෙත හිමි වී ඇති අතර එය සැලකිය යුතු ප්‍රතිශතයක්. ඒ අනුව බොහෝ ආයතන වෙළද ප්‍රචාරණයේදී අන්තර්ජාල මාධ්‍ය වෙත වැඩි අවධානයක් යොමු කරන බව මෙවැනි දත්ත පෙන්වා දෙන කාරණයක්.

අන්තර්ජාලය පදනම් කරගත් Google සහ Facebook වැනි දැවැන්ත ආයතන තම බලය වෙළදපොල තුල භාවිත කරන්නේ කෙසේද සහ එමගින් අනෙකුත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන අසාධාරණයට ලක්ව ඇත්දැයි සොයා බැලීම ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම මගින් ක්‍රියාත්මක කරන මෙම විමර්ශනයේදී සිදු වනු ඇති. එම කොමිසමේ සභාපති Rod Sims සදහන් කරන ආකාරයට, අන්තර්ජාලය පදනම් කරගත් දැවන්ත ආයතන වෙළදපොල තුල තරග කරන ආකාරයද මෙහිදී සොයා බැලීමට නියමිතයි.

තවත් මාස 18කින් ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම මේ පිළිබද තම වාර්තාව එලි දැක්වීමට නියමිතයි. මීට පෙර ස්පාඤ්ඤයේ මෙම විමර්ශනයට සමාන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී ඇති අතර, ඉන් අනතුරුව එරට බුද්ධිමය දේපල නීති වෙනස් කිරීම හේතුවෙන් ස්පාඤ්ඤය තුල Google වෙබ් අඩවිය දැඩි අපහසුතාවයට පත් වූ බව සදහන්.

මෙම විමර්ශනය සදහා තම ආයතන පුර්ණ සහාය ලබාදෙන බව Google සහ Facebook  ආයතන ප්‍රකාශ කර ඇති අතර, වේගයෙන් වෙනස් වන මාධ්‍ය කේෂ්ත්‍රය සදහා මෙවැනි විමර්ශනයක් අත්‍යවශ්‍ය බව බොහෝ ප්‍රවිනයින්ගේ මතය වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now