SKIP TO MAIN CONTENT

ලංකාවේ පළාත් පාලන මැතිවරණය මෙම දෙසැම්බර් පැවැත්වීමට බැරි උනොත් එය පවත්වන්න වන්නේ ලබන ජනවාරි මසදීයි. : අමාත්‍ය SB කියයි (වීඩියෝ සහිතයි)

Minister SB Dissanayake -
Sri Lanka Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වන බවත් කොට්ඨාශ ක්‍රමයට පැවැත්වෙන මෙවර පළාත් පාලන මැතිවරණය සියලු දෙනාට නව අත්දැකීමක් වන බව ඊයේ ( අගෝස්තු 31) මහනුවර බෝගම්බර ක්‍රිඩාංගණයේ දී පැවැති ආබාධ සහිතවූවන්ගේ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා උත්සවයෙන් අනතුරුව  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා සදහා වූ මැතිවරණය පැවැත්වීමේ සම්පූර්ණ බලය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බවත් ඒ සදහා රජයේ මැදිහත්වීමක් නොමැති බව කී අමාත්‍යවරයා, මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු එම ඡන්ද ස්ථානයේදීම සිදුකිරීමට තීරණය කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව ප්‍රකාශ කළේය.

ඡන්ද කොට්ඨාශ ගැසට් කර නිම කිරිමත් සමග නව ඡන්ද ක්‍රමයක් මෙවර පැවැත්වෙන බැවින්, ඡන්ද මෙහෙයවන පිරිස් පුහුණු කිරීම, ඔවුන්ට උපදෙස් දීම වැනි කටයුතු සිදුවන බව කී අමාත්‍යවරයා මෙසේ කීවේය,

 

"....මැතිවරණ කොමසාරිස්වරයා උත්සහ කරන්නේ කෙසේ හෝ මෙම වර්ෂයේදී මැතිවරණය පැවැත්විමටයි. ඒ සදහා විභාග පැවැත්වීම යම් බාධාවක් වන නිසා ඊට වඩාම උචිත දිනය වන්නේ දෙසැම්බර් මස 09 වන දිනයි. එදින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවුවහොත් එය යළි පවත්වන්න වන්නේ ලබන වර්ෂයේ ජනවාරි මසදීයි.

මෙවර අපට මුහුණදීමට සිදුව තිබෙන්නේ හුරු පුරුදු මැතිවරණයකට නොවෙයි. අලුත් කොට්ඨාශ ක්‍රමයක් මෙවර ඉදිරිපත්ව තිබෙනවා. ඒ අනුව ඡන්ද ගණනය කරන අයුරු, ඡන්ද පෙට්ටි රැගෙන යන්නේ කොහේටද ආදිය පිළිබදව සැලසුම් කළ යුතුයි...." ඒ සදහා වූ තීන්දු තීරණ රැසක් මැතිවරණ කොමිෂන් සභාවට ගැනීමට සිදුවන බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

කාලීන තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ Facebook පිටුව වෙත

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now