ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර උපාධිධාරීන් සඳහා post-study work ධාරාව යටතේ පවතින Temporary Graduate visa (subclass 485) වීසා කාලය දීර්ග කිරීමට ඕස්ට්‍රේලියානු රජය ගත් තීරණය ඔස්සේ, සුදුසුකම් ලත් ජාත්‍යන්තර උසස් අධ්‍යාපන උපාධිධාරීන්ට, ඔවුන්ගේ "Temporary Graduate visa" වීසා සඳහා අමතර වසර දෙකක කාලයක් දක්වා ලබා දීම සිදු වේ.
ජාත්‍යන්තර උපාධිධාරීන් සඳහා post-study work ධාරාව යටතේ වන දීර්ග කිරීම පහත පරිදි සිදු වේ:
- තෝරාගත් උපාධි (Bachelor) සඳහා වසර දෙකේ සිට වසර හතර දක්වා
- තෝරාගත් මාස්ටර් (Masters) උපාධි සඳහා වසර තුනේ සිට වසර පහ දක්වා
- සියලුම ආචාර්ය (Doctoral) උපාධි සඳහා වසර හතරේ සිට වසර හය දක්වා
මෙම දීර්ග කිරීම 2023 ජූලි 1 සිට ක්‍රියාත්මක වීමට නියමිත බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මේ සඳහා මේ වනවිටත් Temporary Graduate visa (subclass 485) මත සිටින සහ අමතර වසර දෙකක කාලයක් අපේක්ෂා කරන තෝරාගත් සිසුන්ද සුදුසුකම් ලබයි.

මේ සඳහා සුදුසුකම් ලබන සහ අයදුම් කරන අයුරු
ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවිය ඔස්සේ ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කළ යුතු බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
සුදුසු රෙගුලාසිවලට යටත්ව, වීසා අයදුම්පත් භාරගැනීම 2023 ජූලි 1 වැනිදා ආරම්භ වේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල මතුව ඇති නිපුණතා හිඟය පියවීම සඳහා පිළියමක් වශයෙන්, මෙලෙස තෝරාගත් උපාධි සහිත ජාත්‍යන්තර උපාධිධාරීන් හට post-study work වීසා කාලය දීර්ග කිරීමට තීරණය කොට තිබේ.
මෙම වීසා කාලය දීර්ග කිරීම සඳහා සුදුසුකම් සහිත රැකියා ඇතුලත් ලැයිස්තුව රජය මගින් මේ වනවිට නිකුත් කොට තිබේ.
මින් පෙර මෙම post-study work වීසා ඛණ්ඩය සඳහා සුදුසුකම් ලබන පිරිසට, ප්‍රාදේශීය ප්‍රදේශවල අධ්‍යාපනය ලැබීම, ජීවත් වීම සහ සේවය කිරීම යන කරුණු මත "එක් වසරක" සිට "වසර දෙක" දක්වා වීසා කාලය දීර්ග කිරීම සිදුවිය.
කෙසේ නමුත් 2023 ජූලි 1 සිට ක්‍රියාත්මක වන මෙම නව වීසා කාලය දීර්ග කිරීම, මේ වනවිට මින් පෙර ක්‍රියාත්මක වූ post-study work වීසා ඛණ්ඩය තුල පවතින දීර්ග කිරීමට අතිරේකව සිදු වේ.
එමෙන්ම ජාත්‍යන්තර සිසුන්ට රැකියා කිරීමට පැවති දෙසතියකට පැය 40ක් වූ කාලය, දෙසතියකට පැය 48ක් දක්වා ද දීර්ග කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

මෙම පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සඳහා Post‑Study Work Rights ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍ය මන්ත්‍රී Jason Clare සහ ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil කටයුතු කොට තිබේ.
මෙම ක්‍රියාකාරී කණ්ඩායම් වාර්තාව සහ වාර්තාවේ නිර්දේශ සඳහා පිවිසෙන්න
වැඩිදුර තොරතුරු සඳහා Post-study work rights factsheet පත්‍රිකාව වෙත පිවිසෙන්න
ජාත්‍යන්තර සිසුන් සඳහා කිරීමට පැවති දෙසතියකට පැය 40ක් වූ කාලය දෙසතියකට පැය 48ක් දක්වා දීර්ග කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා International student working hour cap factsheet පත්‍රිකාව වෙත පිවිසෙන්න

