ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Nicola Spurrier පවසන්නේ දැනට උතුරු ඇඩිලේඩ් හි ආසාධන පොකුරට ආසාධන 21 අයත් බවත් තවත් සැක කටයුතු ආසාධන 14ක් හමුවී ඇති බවයි. එක ආසාධිතයෙකු Brompton Anglicare වැඩිහිටි නිවාසය හා සම්බන්ධ අතර එම පුද්ගලයා දැන් හෝටල් නිරෝධායනයේ සිටී. එසේම 3 දෙනෙකු හෝටල් නිරෝධායන ආරක්ෂක නිලධාරී පවුලකට අයත් වන බවද සදහන්. එසේම තවත් එක ආසාධනයක් දැන් වාර්තා වී ඇති නිසා එය තවදුරටත් විමර්ශනය කරන බවත් වාර්තා වේ.
ඒ අනුව මේ වන විට මේ ආශ්‍රිතව 4000ක් පමණ දෙනා ආසාධන වල සමීපතයින් ලෙස හඳුනා ගෙන තිබේ.

මෙය මෙම ආසාධන පොකුරේ මුලික අවස්තාව බවත් , ඒ නිසා අවධානයෙන් සිටිය යුතු බවත් , එලිසබෙත් ප්‍රදේශයේ Aquadome swimming centre හි නොවැම්බර් 14 වැනිදා උදේ 11 සිට දහවල් 1.30 වන තුරු සිටි පිරිස් දින 14ක් නිරෝධායනය සදහා යොමු වී පරීක්ෂා කර ගන්නා ලෙස ඇය ඉල්ලා සිටී. Aquadome හි ආසාධන වැඩි පුර සිදු වේ ඇති බවට හඳුනා ගෙන ඇති බැවින් එම ආයතනය හරහා ද දත්ත ලබා ගැනීම සිදුවනු ඇති .
මෙම ආසාධන ව්‍යාප්තිය පිළිබද තවම කිව නොහැකි වුවද දකුණු ඕස්ට්‍රේලියානුවන් කලබල නොවී , පරීක්ෂාවන් කර ගෙන අනෙක් පුද්ගලයින් සමග සමීප වීම හැකිතාක් අඩු කල යුතු බවට පැවසේ.
ප්‍රාන්ත අගමැති Steven Marshall පවසා ඇත්තේ හෝටල් නිරෝධායනයේ සිටි රෝගියෙකු මගින් ආසාධිත මතුපිටක් ස්පර්ශයෙන් සේවකයෙකුට ආසාධනයක් සිදු වී ඇති බවයි.
දැන් ප්‍රාන්තය තත්වය පාලනය සදහා හමුවෙන සියලු ආසාධනයක්ම විමර්ශනයට ලක් කරන බවත් , දැනට හමුව ඇති බොහෝ ආසාධන වාතය මගින් බිඳිති තුලින් සිදු වූ බවට කිව හැකි බවත් ඔහු පවසයි. එය මීට පෙර වෙනත් ප්‍රාන්ත වල දක්නට ලබුනද , මතුපිට ස්පර්ශය නිසා මෙවන් ආසාධන දකුණු ඕස්ට්‍රේලියාවේ හමුවූ ප්‍රථම අවස්තාව වේ.
හෝටල් නිරෝධායන කාලය දීර්ඝ කෙරේ
දැනට හෝටල් නිරෝධායනයේ සිටින පුද්ගලයින් තවත් දින 14ක් නිරෝධායනය සදහා යෙදවීමට රජය තීරණය කොට තිබේ. ඇඩිලේඩ් හි Peppers Hotel හි සිටි මෙම නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් පැය 24ක් තුල වෙනත් ස්ථානයකට ගෙන යන බවට සදහන් කොට තිබේ. . එම පිරිස වෙත ලිපියකින් මෙම තත්වය පිළිබද බලධාරීන් කනගාටුව ප්‍රකාශ කලද අවධානම පාලනයට මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇති බව සදහන් .
Communicable Disease Control Branch විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම ලිපිය ලබා දීමට පෙර එම පුද්ගලයින්ට ඒ සම්බන්ධයෙන් දුරකතනයෙන් දැනුම් දුන් බවත්, එම හෝටලය ඉදිරියේදී භාවිතය සදහා පිරිසිදු කිරීමක් සිදු වන බවත් අමතර කාලය සදහා ගාස්තු අය කිරීමක් නොවන බවත් සදහන්
පරීක්ෂාවන් සදහා ජනයා රැස් වීම හා සුපිරි වෙළද සල් හිස් කරමින් ඇඩිලේඩ් ජනයා භාණ්ඩ මිලදී ගනී
පරීක්ෂාවන් සදහා ජනයා පෝලිම් වල හිදිමින් සිටින බවට වාර්තා වේ . එසේම ඇඩිලේඩ් නුවර සුපිරි වෙළද සල් වල භාණ්ඩ මිලදී ගැනීම ඉහල ගොස් තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන්නේ Glenelg, Golden Grove හා Dernancourt ප්‍රදේශ වල toilet paper විකිණී අවසන් වී ඇති බවයි


Coles ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දකුණු ඕස්ට්‍රේලියාවේ toilet paper මිලදී ගැනීමේ සීමා පනවන බවයි.
දහස් ගණනක් covid 19 පරීක්ෂාවට පැමිණෙන නිසා පැය 11ක් පමණ බලා සිටීමට සිදුවී ඇති බවත් වාර්තා වේ. SA Health පවසන්නේ එම කාලය විවිධ ස්ථාන අනුව වෙනස් වන බවත් , එම මධ්‍යස්ථාන ක්‍රියා කරන කාලය දීර්ඝ කිරීමත් එම කාලය අඩු කිරීමටද කටයුතු කෙරෙන බවද වාර්තා වේ.
දකුණු ඕස්ට්‍රේලියානු ජනතාවගේ ප්‍රතිචාරය අගමැති Steven Marshall ගේ පැසසුමට
ජනතාව පරීක්ෂා සදහා ඉදිරියට එම අගමැති Steven Marshall අගය කොට තිබේ. එසේම ප්‍රාන්තය තුල නැවත කොරෝනා නීති පැනවීමට තීරණය කිරීම බටහිර ඕස්ට්‍රේලියානු අගමැති Mark McGowan ගේද ප්‍රශංසාවට ලක් වී තිබේ.
මේ අතර දැනට ටස්මෙනියාවේ නිරෝධායනය වෙමින් සිටින 1200ක් පමණ දකුණු ඕස්ට්‍රේලියානු වැසියන්ට ඉදිරි දින කිහිපය තුලදී එයින් මිදෙමට හැකි වනු ඇති අතර , ටස්මෙනියාව දකුණු ඔස්ට්‍රේලියාව මාධ්‍ය අවධානම් ලෙසට නම් කොට තිබේ.
මේ අතර Brompton හි Anglicare වැඩිහිටි නිවාස ආශ්‍රිතවද එක ආසාධනයක් දැන් තහවුරු වී ඇත . එහි සියලු නෙවාසිකයින් පරීක්ෂා කොට ඇති අතර ඔවුන් තවත් පැය 72කින් හා 12 වන දිනයේද නැවත පරීක්ෂා කරනු ලැබේ .
එසේම මේ වන විට පිරිසිදු කිරීම සදහා පාසල් 5ක් වසා තිබේ . ඒ අතරට Mawson Lakes School , Thomas More College , Mt Carmel College, Holy Family Catholic School හා Roma Mitchell Secondary College ද අයත්
සේම දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී පවසන්නේ ආසාධාන් පැතිරීම වැඩි වුව හොත් නීති දීර්ඝ කිරීමට සිදු වනු ඇති බවයි . මේ වන විට බටහිර ඔස්ට්‍රේලියාව හැරුණු කොට අනෙක් ප්‍රාන්ත දෙසැම්බර් 25 වන විට ප්‍රාන්ත සීමා විවෘත කිරීමට කටයුතු කාරණා හෙයින් එයද දැන් යම් අවිනිශ්චිත තත්වයක් බවට පත්වී තිබේ.

