Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලංකාවේ මධ්‍යම රජය එක්ක එකට වැඩකරන්න පළාත් පාලන ආයතන වලට එක්සත් රාජධානියෙන් පාඩමක්.

UK All Party Parliamentary Group delivered a lesson to SL Provincial Councils.

Source: SBS Sinhala

ශ්‍රී ලංකාව පිළිබද සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (06/01) මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා හමුවිය.

පල්ලකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ඊයේ පස්වරුවේ මෙම හමුව පැවැති අතර එහිදී ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍යය අතර ද්වීපාර්ශික සම්බන්ධතා පිළිබදව සාකච්ඡාවක් පැවැත්විණි.

මධ්‍යම රජය හා පළාත් සභා ක්‍රමය තුළ බලය බෙදීම, විද්‍යා හා තාක්ෂණය, අධ්‍යාපනය, ආයෝජන හා කර්මාන්ත සංවර්ධනය යන ක්ෂේත්‍ර පිළිබදව මෙම සාකච්ඡාව පැවැති අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ ශ්‍රී ලංකා සම්භවයක් සහිත කොන්සවේටිව් මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඇතුලුව නියෝජිතයන් පස්දෙනෙකු මෙම හමුව සදහා සහභාගී විය.

ස්කොට්ලන්ඩ් ප්‍රාන්තයේ බලය බෙදීම නිසා එහි පරිපාලනය ශක්තිමත් වී ඇති බවත් ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය හා පළාත් පාලන ආයතන එක්ව ක්‍රියාකිරීම වඩා උචිත බවත් එහිදී  නියෝජිත මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේය.

විද්‍යාව හා තාක්ෂණය හා අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව තව දුරටත් ඉදිරියට පැමිණිය යුතු බවත් ඒ සදහා උසස් අධ්‍යාපන ආයතන වෙත විශාල වගකීමක් පැවරෙන බව මන්ත්‍රිනී Michelle Donelan මහත්මිය ප්‍රධාන අමාත්‍යවරයා හමුවේ කීවාය.

ශ්‍රී ලංකාව හා මහා බිතාන්‍ය අතර දීර්ඝකාලීන සබදතාවක් පවතින බව පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, මෙරට සංවර්ධනයේදී විදේශීය ආයෝජන වැඩි වශයෙන් අවශ්‍ය යැයි පෙන්වා දුන්නේය. ආයෝජකයන් සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙමින් පවතින බවත් ඉදිරියේදි රට පුරා තොරතුරු තාක්ෂණ උද්‍යාන පවා නිර්මාණය වන බව මන්ත්‍රීවරුන් හමුවේ කීවේය.

ශ්‍රී ලංකාව පිළිබද සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරමින් රනිල් ජයවර්ධන, Michelle Donelan, Chris Green, John Lamont යන මහත්ම මහත්මීන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now