SKIP TO MAIN CONTENT

කැස්පියන් මුහුදේ අයිතිය රුසියාව ප්‍රමුඛ කලාපීය රටවල් බෙදා ගනී.

Caspian sea in landmark agreement
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කැස්පියන් මුහුදට සීමාවන්ව පවතින රුසියාව, ඉරානය, ඇසර්බයිජානය, කසකස්තානය සහ ටර්ක්මෙනිස්තානය යන රටවල් කැස්පියන් මුහුද තම රටවල් අතර බෙදී යන්නේ කෙසේදැයි මූලික එකඟතාවකට පැමිණීමේ ගිවිසුමකට අත්සන් කර තිබේ.

ඒ අනුව කැස්පියන් මුහුද ආශ්‍රිතව ඒ ඒ රටවලට අයත් මුහුදු සීමාවන් සහ ධීවර සීමාවන් මෙහිදී බෙදා දැක්විණි.

මෙම ගිවිසුම සඳහා කැස්පියන් මුහුදට සීමාවන්ව පවතින රුසියාව, ඉරානය, ඇසර්බයිජානය, කසකස්තානය සහ ටර්ක්මෙනිස්තානය යන රටවල රාජ්‍ය නායකයින් අත්සන් තබා ඇත.

නමුත් කැස්පියන් මුහුදු පතුල ආශ්‍රිතව පවතින තෙල් නිධි ඒ ඒ රටවල් අතර බෙදෙන්නේ කෙසේදැයි නිර්ණය කිරීම සඳහා තවමත් සාකච්ඡා පවත්වන බව ද වාර්තා වෙයි.

කෙසේවෙතත්, මේ පියවර ඉතා වැදගත් පියවරක් බව රුසියානු  ජනාධිපති  Vladimir Putin පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now