SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙසෙන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව ප්‍රාන්තයට බරක් නෙමෙයි : NSW ප්‍රාන්ත අගමැතිනී.

New South Wales Premier has defended  the number of migrants settling in the state
NSW Premier Gladys Berejiklian Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩි වන ජනගහනයට හේතුව සංක්‍රමණිකයින් බවට පසුගියදා මතයක් ප්‍රකාශ වී තිබුනද, ප්‍රාන්තය තුල ජිවත්වන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව ප්‍රාන්තයට දරා ගත හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනිය වන Gladys Berejiklian පවසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට භාරගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය පාලනයකින් තොර බවත්, එම නිසා ප්‍රාන්තය තුල ජනගහනයේ තද බදයක් ඇති වී තිබෙන බවත් පසුගියදා හිටපු අගමැති ටෝනි ඇබට් සහ  One Nation පක්ෂයේ නායිකා  Pauline Hanson ප්‍රකාශ කර තිබිණි.

නමුත් සංක්‍රමණිකයින් පිළිබද තීරණ ගනු ලබන්නේ ෆෙඩරල් රජය බවත්, ප්‍රාන්ත නායකයින් ඒ පිලිබදව නිසි අයුරින් දැනුවත් කරන්නේ නම් අනාගතය සදහා අදාල තීරණ නිවැරදිව ගත හැකි බවත් මේ පිලිබදව SKy මාධ්‍ය ජාලයට අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනිය පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now