SKIP TO MAIN CONTENT

ABC මාධ්‍ය ආයතනය අවුල් ජාලයක. සභාපතිත් ඉල්ලා අස්වෙයි.

ABC chairman Justin Milne resigns
Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම රාජ්‍ය මාධ්‍ය ආයතනය වන ABC ආයතනයේ සභාපති Justin Milne අද පෙරවරුවේ සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ABC මාධ්‍ය ආයතනයේ ප්‍රධාන ආර්ථික පුවත් වාර්තාකාරිනිය ලෙස සේවය කළ Emma Alberici පසුගිය මැයි මාසයේදී සේවයෙන් නෙරපා දැමීමේ සිදුවීමට අදාළව Justin Milne හට සභාපති ධුරයෙන් ඉවත්වන ලෙස සේවකයින් ඇතුළු විවිධ පාර්ශව බලපෑම් කළ බව මේ වනවිට වාර්තා වේ.

The demand by the ABC chairman Justin Milne that Emma Alberici be fired is under investigation.
The demand by the ABC chairman Justin Milne that Emma Alberici be fired is under investigation. Source: AAP

මීට දින කිහිපයකට පෙර ABC මාධ්‍ය ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරමින් සිටි  Michelle Guthrie ද සභාපති Justin Milne නියමයෙන් සේවයෙන් නෙරපනු ලැබූ බව වාර්තා විය.

ඉන් අනතුරුව  Michelle Guthrie, Emma Alberici ව ඇතුළු වත්මන් ලිබරල් සන්ධාන රජය විවේචනය කරමින් පුවත් වාර්තාකරණයේ යෙදෙන බවට චෝදනා ලැබ සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ව සේවයෙන් නෙරපන ලෙසට සභාපති Justin Milne විසින් තමන්ට එවනු ලැබූ ඊමේල් පණිවිඩ කිහිපයක් මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමෙන් මෙම අර්බුදය තවත් උත්සන්න විය.

වත්මන් ලිබරල් සන්ධාන රජය විවේචනය කරමින් පුවත් වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන්ට වඩා සන්ධාන රජය රැකගත යුතුය යන මතයේ සිට ABC ආයතනයේ සභාපති Justin Milne වැඩකටයුතු කළ බවට මේ වන විට චෝදනා එල්ලවී ඇත.

කෙසේවෙතත් මේ සියලු සිදුවීම් සඳහා දේශපාලන බලපෑම් එල්ලවී ඇතිදැයි සොයා බැලීමට කම්කරු පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය අමතර සෙනට් විමර්ශන කමිටුවක් ඉල්ලා තිබේ.

මේ අතර තමන් ඇතුළු තම රජය මේ සිදුවීම් සඳහා කිසිදු බලපෑමක් සිදු නොකළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සන්නිවේදන අමාත්‍ය Mitch Fifield පවසා ඇත.

මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස අගමැති ස්කොට් මොරිසන් ඉල්ලා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now