SKIP TO MAIN CONTENT

ශල්‍යකර්මයක් නොකර උප්පැන්න සහතිකය වෙනස් කරගැනීමට ලිංගික සංක්‍රාන්තිකයින්ට අවසරය ලබාදෙන පනත් කෙටුම්පත වික්ටෝරියානු පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වෙයි.

Victoria gender reform passes first hurdle
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ශල්‍යකර්මයක් නොකර තම උප්පැන්න සහතිකයේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගැනීමට ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින්ට මෙන්ම ස්ත්‍රී - පුරුෂ නොවන පුද්ගලයින්ට අවසරය ලබාදෙන පනත් කෙටුම්පත වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වෙයි.

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ඡන්දයක් පැවැත්වුණු අතර ඡන්ද 56 ට 27 ක් ලෙස එය වැඩි ඡන්ද 29 කින් සම්මත විය.

ඒ අනුව මෙම යෝජිත පනත් කෙටුම්පත වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ සෙනට් සභාවට ඉදිරිපත් කෙරුණු අතර එය අගෝස්තු මස අවසාන සතියේදී සෙනට් සභාවේදී විවාදයට ගැනීමට නියමිතය.

කෙසේවෙතත්, වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ විපක්ෂය හොබවන ලිබරල් සන්ධානය මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට සහය ලබා නොදෙන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙය සම්මත කරගැනීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජයට අවම වශයෙන් ස්වාධීන මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහය ලබාගැනීමට සිදුව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now