SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩි කිරීමට ග්‍රීන්ස් පක්ෂයෙන් වැඩපිළිවෙලක් (SBS සිංහල/වාර්තා )

greens
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Skip to article content

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩි කිරීමට ග්‍රීන්ස් පක්ෂයෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට තිබේ . ඒ සදහා ඩොලර් මිලියන 50ක් වැය වන බව ඔවුන් පවසයි.

මෙමගින් සංක්‍රමණිකයන්ට ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දෙන Adult Migrant English Program (AMEP) කටයුතු කෙරේ. මෙමගින් පැය 510 ක් දක්වා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගත හැකි වේ. AMEP ආයතනය වසර 1948 සිට පැවතුනු අතර එය 1997 දී වෙනත් ආයතන වෙත පවරා තිබේ

ඒ නිසා එම වැඩසටහන් වල ප්‍රමිතිය බාල වී ඇති බව ග්‍රීන්ස් පක්ෂ සෙනට් සභික Mehreen Faruqi පවසයි.

උදාහරණයක් ලෙස NSW හි බීගා  නගරයේ TAFE ආයතනය විසින් කරගෙන ගිය AMEP වැඩසටහන වෙනත් ආයතයකට බාර දුන් පසු දැන් නවතා ඇති බවට වාර්තා වේ 

දැනට මෙම වැඩසටහනට සහභාගී වීමට ස්තිර පදිංචි කරුවකු හෝ පිළිගත් වීසා එකක සිටිය යුතු අතර ඔස්ට්‍රේලියාවට පැමිණි පසු ප්‍රථම මාස 6 ක් තුල ඒ සදහා ලියා පදිංචි විය යුතු වේ.

මෙමගින් ප්‍රදේශ 270ක 60000ක් පමණ පුද්ගලයන් මේ වැඩසටහනේ උපකාර ලබයි  

එසේම ග්‍රීන්ස් පක්ෂය  සරණාගත පසුබිමකින් පැමිණි පුද්ගලයන් ගේ දරුවන් පාසල් වලින් ඉක්මනින්ම ඉවත් වීම වැලක්වීමට Youth Transition Support වැඩසටහන දියුණු කිරීමට කටයුතු කෙරේ

වසර 2016 වාර්තාවකින් පෙන්වා දෙන්නේ සරණාගත පසුබිම් වලින් එන දරුවන අතර එය 62%කින් පාසල් වලින් ඉවත් වන බවයි .

Australia Migration English Program
Australia Migration English Program Source: SBS

බොහෝ සරණාගත පසුබිමකින් පැමිණෙන පුද්ගලයන් මානසික ආතතියයකින් සිටින නිසා ඔවුන් බොහෝ දෙනාට ඉංග්‍රීසි ඉගෙන ගැනීම සදහා ඉතා බාධක ඇති බවට පැවසේ 

ඒ නිසා ඕස්ට්‍රේලියානු සමාජයට දායකත්වයක් ලබා දීමටත් එම පුද්ගලයන්ට නොහැකි වී තිබේ.

migrant
Source: SBS

සෙනට් සභික Faruqi පවසන්නේ මෙම ඉංග්‍රීසි අධ්‍යාපනයට යොදවන මුදල් ආයෝජනයක් ලෙසයි. 

මේ අතර සන්ධාන රජයද ප්‍රජා භාෂා පාසල් සදහා ඩොලර් මිලියන 12.6ක් වෙන් කොට ඇති අතර ,

පෙබරවාරි මාසයේ කම්කරු පක්ෂයද භාෂා පාසල් සදහා ඩොලර් මිලියන 8ක් වෙන් කරන බවට පවසා ඇත 

 

 

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන 

සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese 

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now