SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි, ගුවනින් මැඩපැවැත්වීමට මධ්‍යම රජයෙන් ඩොලර් මිලියන 11 ක මුල්‍ය ප්‍රතිපාදන.

Aerial firefighting
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ මේ වන විට ඇතිවී ඇති ලැව් ගිනි තත්ත්ව ගුවනින් මැඩපැවැත්වීමේදී එයට ශක්තියක් වීම සඳහා ඩොලර් මිලියන 11 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අගමැති Scott Morrison තීරණය කරයි.

සමස්ත ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට තීරණය කර ඇත.

මේ හරහා ගිනි නිවන සේවා වලට නව ගුවන් යානා මිලට ගැනීමට මෙන්ම බද්දට ගත් ගුවන් යානා වල බදු කාලය දීර්ග කිරීමට අදාළ ගිනි නිවන සේවා හට හැකියාව ලැබේ.

ගිනි නිවන සේවා වල ඇති සම්පත් වල තත්ත්වය පිළිබඳ ගිනි නිවන සේවා බලධාරීන්ව හමුවී අගමැති මොරිසන් සාකච්ඡා කළ යුතු බවට විපක්ෂ නායක Anthony Albanese පවසා තිබුණි.

නමුත් මධ්‍යම රජයේ සහ ප්‍රාන්ත රජයේ නායකයින් මේ සම්බන්ධ කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඩොලර් මිලියන 11 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කළ බව අගමැති Scott Morrison පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now