SKIP TO MAIN CONTENT

බාලගිරි දෝෂයට හසුවූ ලංකාවේ කැබිනට් මණ්ඩල සංශෝධනය මෙන්න. නීතිය හා සාමය රනිල්ට.

SL Cabinet reshuffle commenced today.
Source: Daily News

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඉකුත් පෙබරාවාරි 10 වන දින ශ්‍රී ලංකාවේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් සිදු කිරීමට නියමිත වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ සංශෝධනය අද (25/02) සිදු කෙරිණි.

ඒ අනුව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා කටයුතු කරනු ඇත.

මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග නව අමාත්‍යවරයා ලෙස කබීර් හෂීම් අමාත්‍යවරයා පත් කර ඇත.

මේ අතර ඩිජිටල්, යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතාට නව අමාත්‍යංශයක් එක් වී ඇති අතර ඒ අනුව විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කරනු ඇත.

රවීන්ද්‍ර සමරවික්‍රම මහතා වනජීවී හා තිරසාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙන අතර පියසේන ගමගේ මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

අජිත් පී. පෙරේරා මහතා බන්ධනාගාර හා පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙන අතර ස්වදේශ කටජයුතු අමාත්‍යවරයා ලෙස ජේ.සී අලවතුවල මහතා පත් කර ඇත.

හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ සංශෝධනය නුදුරේදීම සිදු කරන බව ද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now