මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 42 වන තරගය ලෙස ඊයේ (04/07) Leeds හිදී කොදෙව් දූපත් සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයෙන් කොදෙව්වන් ලකුණු 23ක ජයක් අත්කරගත්තේය.
කාසියේ වාසිය දිනූ කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 කට ලකුණු 311 ක් රැස් කිරීමට සමත් විය.
ජයග්‍රාහී ලකුණු 312 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 50 සම්පූර්ණ වන විට සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 288 ක් පමණි.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 77 ක් ලබාගත් Shai Hope හට තරගයේ වීරයා සම්මානය හිමි විය.
දැවැන්තයාගේ සමු ගැනීම
ලොව පුරා ජනාදරයට පත් කොදෙව් කණ්ඩායමේ සුපිරිම පිතිකරුවකු වන ක්‍රිස් ගේල් සහභාගී වූ අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගය ලෙසද මෙය සටහන් වේ.
වසර 20 ක එක් දින ක්‍රිකට් දිවියේ ඔහු මේ වන විට තරග 298 කට සහභාගී වී ලකුණු 10393 ක් ලබා තිබේ.
එක් දින ක්‍රිකට් දිවියේ ශතක 25 කට සහ අර්ධ ශතක 53 කට ඔහු හිමිකම් කියයි.

ප්‍රසාද ලකුණු සටහන
ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 14 ක් ලබා තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී සිටින අතර ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.
ප්‍රසාද ලකුණු 13 ක් ලබා ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ද මේ වන විට අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබා තිබේ.
එංගලන්තය ප්‍රසාද ලකුණු 12 ක් ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයට පත්වී ඇති අතර ඔවුන්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන සිව්වන කණ්ඩායම ලෙස නවසීලන්තය සුදුසුකම් ලබා තිබේ.
කොදෙව් දූපත් සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවති තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.

මේ අතර අද දිනයේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වීමට නියමිතය.
එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.

