SKIP TO MAIN CONTENT

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වියදම් වලින් ජනතාවට ගෙවල් හදන විදිය ගැන සජිත් කට අරියි.

Sajith speaks about the cost of SL Parliament.
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කිරීමට නියමිත රුපියල් කෝටි සියයක මුදලින් නිවාස නොමැති පවුල් දෙදහසක් සදහා නිවාස ඉදිකර දිය හැකි යැයි  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මහජන නියෝජිතයන් 225 දෙනෙකුගෙන් යුතු පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම සදහා එවැනි විශාල මුදලක් යෙදවීම අත්‍යවශ්‍ය නොවන බවත් ජනතාව මහජන නියෝජිතයන් පත් කළේ ජනතා ගැටලු විසදීමට මිස දේශපාලඥයන්ට සැප විදීමට නොවන බවත් ඒ මහතා කීවේය.

වසර තුනක් ගතවූ ආණ්ඩුවට ඇත්තේ තව මාස 20කට නොවැඩි කාලයක් වන නිසා ජනතාව වෙනුවෙන් දැනෙන සේවයක් නොකළ හොත් තමන් යළි පත් කරනවා ද නැද්ද යන්න ජනතාව විසින් තීරණය කරනු ඇතැයි උඩදුම්බර කිරිගංකුඹුර ඉදිවූ නිවාස 24කින් සමන්විත මිහිදුම්ගම නිවාස ඊයේ (21/04) ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහජන නියෝජිතයන් වන අප පත්කළේ ජනතා ගැටලු විසදා ගැනීමට මිස ජනතාව මත තවත් ගැටලු පීඩන ඇති කර ගැනීමට නොවන බව කී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“කෝටි සියයක් කියන්නේ රුපියල් ලක්ෂ දස දහසක්. එම මුදල් මගේ අමාත්‍යංශයට ලැබුණා නම් මට නිවාස 2000ක් ඉදිකරන්න පුළුවන්. නිවාස 25කින් යුතු ගම්මාන ඉදිකරන්නේ නම් ගම්මාන 80ක් දිවයින පුරා ඉදිකරන්න පුළුවන්. රටේ සංවර්ධන න්‍යාය පත්‍රයේ තිබිය යුත්තේ ජනතාව ඉල්ලා සිටින ජනතා අවශ්‍යතා සපුරාලීම මිස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය සදහා විශාල මුදලක් වෙන් කිරීම නොවෙයි. පානීය ජලය ඉල්ලා සිටින ජනතාවට පිරිසුදු ජලය ලැබෙන ජල යෝජනා ක්‍රම ඇති කිරීම, විරැකියාවෙන් ඉන්න උපාධිධාරී හා නොවන තරුණ තරුණියන් ලක්ෂ ගණනක් සදහා රැකියා අවස්ථා ලබාදීම, නිවාස ඉඩම් නොමැති ජනතාව සදහා නිවාස හා ඉඩම් ලබාදීම,කුස ගින්නෙන් පෙළෙන ජනතාව ද ගොවියා, ධීවරයා කම්කරුවාගේ ජීවිත සුඛිත මුදිත කිරීම, ළමා හා මව්වරුන්ගේ මන්ද පෝෂණය තුරන් කිරීම ආදි ක්‍රියාවන් මූලිකත්වයට පත් කළ යුතුයි. ජනතා පැතුම සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉහළට දැමිය යුතු අතර මහජන නියෝජිතයන් සුඛිත මුදිත කිරීම අත්‍යවශ්‍ය දැයි සලකා බැලිය යුතුයි.”


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now