SKIP TO MAIN CONTENT

ජපානයටත් උඩින් උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි (වීඩියෝ).

North Korea fires missile over Japan
Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

උතුරු කොරියාව ජපානයටත් ඉහළින් තවත් මිසයිලයක් අත්හදා බැලූ බව ඇමෙරිකාවේ පෙන්ටගනය තහවුරු කරයි.

මෙම මිසයිලය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (29/08) පෙරවරු 8 ට එල්ල කර ඇති බව වාර්තා වේ.

ඇමෙරිකාව මෙම මිසයිලය පිළිබඳ තවමත් තොරතුරු විමර්ශනය කරමින් සිටින බවද සඳහන්.

මේ අතර මෙම මිසයිලයෙන් උතුරු ඇමෙරිකාවට තර්ජනයක් නොමැති බව ඇමෙරිකානු ගුවන් ගුවන් ආරක්ෂක කොමදෝරු කර්නල් Rob Manning පැවසීය.

මෙය සැතපුම් 1,700 ක පමණ දුර ප්‍රමාණයක් ගමන් කර කැබලි තුනකට කැඩී Hokkaido වට කිලෝ මීටර් 1180 නැගෙනහිරින් පිහිටි සාගරයට කඩා වැටුණු බව ජපානයේ NHK රූපවාහිනිය පවසයි.

w

ජපානයේ අදාළ ප්‍රදේශ වල සිටින ජනතාවට ආරක්ෂාකාරී පියවර ගන්නා ලෙස ජපන් රජය නිවේදනය කර ඇති නමුත් එම ප්‍රදේශ වලට කිසිදු හානියක් සිදුව නොමැති බව NHK රූපවාහිනිය ප්‍රකාශ කරයි.

උතුරු කොරියාවේ මෙම මිසයිලය ජපානයට ඉහළින් ගමන් කරන විට ජපාන ආරක්ෂක අංශ විසින් එයට කිසිදු අන්දමේ ප්‍රහාරයක් එල්ල නොකළ බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now