SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ AFL සහ NRL තරගාවලි අවලංගු නොකිරීමට තීරණය කෙරේ

Coronavirus
Source: AAP Image

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දැවැන්තම ක්‍රීඩා තරගාවලි ද්විත්වයක් වන AFL සහ NRL තරගාවලි අවලංගු නොකොට නොකඩවා පවත්වාගෙන යන බව ඒවායේ සංවිධායකයෝ පවසති.

කොරෝනා වයිරසයේ බලපෑම ඇතිවී ඇති අවස්ථාවක මෙවර NRL තරගාවලියේ දෙවැනි වටයේ තරග පැවැත්වීමට එහි බලධාරීන් අවසර ලබා දී ඇති නමුත් එම තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩා පිටියට පැමිණීම තහනම් කර තිබේ.

කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා තරගාවලි සියල්ලක්ම පාහේ අවලංගු කෙරුණි.

මෙම අර්බුදය තවත් දරුණු වුවහොත් රග්බි තරගාවලියට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන නිසා රජයේ සහය අපේක්ෂා කරන බව Australian Rugby League කොමිසමේ සභාපති Peter V'landys පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now