SKIP TO MAIN CONTENT

සමලිංගික විවාහ නීතිගත කිරීමට "Yes" යනුවෙන් මනාපය පළ කළ AFL මූලස්ථානයේ "Yes" දැන්වීම ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටිය කළඹයි.

AFL 'Yes' sign.
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමේ තැපැල් සමීක්ෂණයේදී "Yes" යනුවෙන් මනාපය පළ කරන ලෙස දන්වා  Australian Footy League හෙවත් AFL මූලස්ථානයේ ඊයේ පළකළ  "Yes"  දැන්වීම AFL ක්‍රීඩා ක්ෂේත්‍රයේ මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව තිබේ.

AFL මූලස්ථානය  "Yes" යනුවෙන් දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමේ කිසිදු වරදක් නොමැති බව Collingwood පාපන්දු සමාජයේ සභාපති Eddie McGuire පවසයි.

නමුත් AFL මූලස්ථානයට, ඔස්ට්‍රේලියාවේ දේශපාලනික කාරනා වලට සම්බන්ධ වීමේ කිසිදු අයිතියක් නොමැති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ  Footy විස්තර විචාරකයෙකු වන Sam Newman පවසයි.

නමුත් AFL මූලස්ථානය මෙහිදී සිදු කර ඇත්තේ තමන්ගේ මතය ඉදිරිපත් කිරීමක් පමණක් බව Collingwood පාපන්දු සමාජයේ සභාපති Eddie McGuire පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now