SKIP TO MAIN CONTENT

තවත් වසර 1000 කින් මානවයන්ට පෘථිවිය අහිමි වන බවට අනාවැකියක්.

After about 1000 years we have to find a new place to live
Source: www.thelistlove.com

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

මේ වන විට  ලොව වෙසෙන බුද්ධිමත්ම පුද්ගලයා ලෙස සැලකෙන මහාචාර්ය Stephen Hawking මිනිසාගේ අනාගතය පිළිබද තීරණාත්මක අනාවැකියක් පළකර තිබෙන බව වාර්තා වේ.

ඉදිරි වසර දහසක කාලය තුළ මානවයා පෘථිවියෙන් වදවී යනු ඇති බවට ඔහු අනාවැකි පළ කර තිබේ. එම ක්‍රියාවලියට අදාල පසුබිම මේ වනවිටත් සැකසී ඇති බව ඔහු පෙන්වා දෙයි.

කෘතීම බුද්ධිය වර්ධනය කිරීම,ජීව අවි නිෂ්පදනය වීම,න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය වැනි හේතු ගණනාවක් නිසා මිනිසා පෘථිවියෙන් වදවීයෑමට හේතු වනු ඇති බවට ඔහු මත පළ කරයි.

මේ වනවිට සිදුකරගෙන යන පරීක්ෂණ වලට අනුව ඉදිරි වසර 50ක කාලය තුල පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා ඇතිකර ගත හැකි බවද මහාචාර්යවරයා පැවසුවේය.

මෙම තත්වය හේතුවෙන් මානවයාට පෘථිවියෙන් පිටත ජිවත් වීමට හැකි වෙනත් ස්ථානයක් සොයාගැනීම සඳහා සිදුකරගෙන යන පරීක්ෂණ කටයුතු වල ප්‍රගතියක් ඉතා ඉක්මනින් අත් කරගත යුතු බව Stephen Hawking වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයේ පැවති විශේෂ දේශනයකට සහභාගී වෙමින් ඔහු මෙම  කරුණු හෙළි කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now