ඇමෙරිකානු ප්‍රතිචාර
ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපති ලෙස තේරී පත්වූ රිපබ්ලිකන් පක්ෂයේ Donald Trump ගේ ජයග්‍රහණය ප්‍රකාශ වීමත් සමග ඇමෙරිකානුවන් විවිධ අයුරින් ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ බව වාර්තා වේ.
විශේෂයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්, ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති බවට පත්වේ යැයි බොහෝ ව්‍යාපාරිකයින්, නළු නිලියන්, ගායක ගායිකාවන් ඇතුළු ඇමෙරිකානු ජනතාව අපේක්ෂාවෙන් සිටි නමුත් Donald Trump ගේ ජය සැලවීමත් සමග ඔවුන් මහත් කම්පාවට පත්වූ බව වාර්තා වේ.

ලොව ප්‍රකට හොලිවුඩ් නළු නිලියන් සහ ගායක ගායිකාවන් සැලකිය යුතු ප්‍රමාණයක් තම ට්විටර් ගිණුම් වල ඒ බව සටහන් කර තිබු අතර Donald Trump හට විරුද්ධ පිරිස් නගරවල විරෝධතා පවත්වන අයුරු දිස්විය.
මේ අතර Donald Trump පාක්ෂිකයන් තම නව නායකයාගේ ජයග්‍රහණය සමරමින් ප්‍රීතිඝෝෂා පවත්වන අයුරුද ඒ අතර දක්නට ලැබිණි.

ලෝක ප්‍රතිචාරය
Image
ඔස්ට්‍රේලියාව
ඔස්ට්‍රේලියාව තරම් ඇමෙරිකාවට තවත් ශක්තිමත් මිතුරෙකු නැති බව පවසමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් Donald Trump හට සිය සුබ පැතුම් එක කර තිබේ.
ඇමෙරිකාව යනු බලවත්ම රාජ්‍ය මෙන්ම ඇමෙරිකාව යනු බලවත්ම මිතුරා බවද ඔහු එහිදී පැවසීය.
රුසියාව
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ Donald Trump හට රුසියානු ජනාධිපති Vladimir Putin සුබ පතා ඇති බව වාර්තා වේ.
මේ අතර නැවතත් රුසියානු - ඇමෙරිකානු සම්බන්ධකම් ඇති කරගනිමින් එක්ව කටයුතු කිරීමට Donald Trump සමග හැකිවේවි යැයිද එමගින් රාජ්‍යන් අතර පවතින අර්බුද විසඳා ගත හැකිවේවි යැයිද ඔහු අපේක්ෂා කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේදී පවා Donald Trump ගේ ජයග්‍රහණය පිලිබඳ Vladimir Putin අපේක්ෂා සහගතව කතා කළ බවද වාර්තා විය.
මීට අමතරව මේ වනවිට රුසියාවේ සිටින ඇමෙරිකානු තානාපති John Tefft, Donald Trump ගේ ජයග්‍රහණයත් සමග රුසියාවෙන් පිටව යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. ඔහු රුසියාව සමග වෛරයකින් පසුවන බවද ඔහු සඳහන් කළේය.
බ්‍රිතාන්‍යය
බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව මෙතෙක් කලක් පැවතගෙන පැමිණි වෙළෙඳ සහ ආරක්ෂක සම්බන්ධකම් තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව පවසමින් බ්‍රිතාන්‍ය අගමැතිණි Theresa May ද Donald Trump හට සුබ පැතුම් එක් කර ඇති බව පැවසේ.
නමුත් මුස්ලිම් ජනතාව ඇමෙරිකාවට ඇතුල් වීම තහනම් කිරීම පිළිබඳ සිදු කළ කතාව ඇය විවේචනය කර තිබුණි.
ජර්මනිය
බොහෝ ජර්මානු වැසියන් සිතා සිටි ප්‍රතිපලයක් නොවුන නමුත් ලද ප්‍රතිපලය අපට පිළිගැනීමට සිදු වන බව ජර්මානු විදේශ අමාත්‍ය Frank-Walter Steinmeier පැවසීය.
තම මැතිවරණ ප්‍රවර්ධන ව්‍යාපාරවලදී යුරෝපයට සහ ජර්මනියට Donald Trump දැඩි ලෙස පහර ගැසූ බවත් අනාගත ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අඩුවෙන් අනාවැකි කිවීමට සිදුව තිබෙන බවත් ඔහු පැවසීය.
පිලිපීනය
පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක්වූ පිලිපීන ජනාධිපති Rodrigo Duterte ද Donald Trump හට සුබ පැතුම් පණිවිඩයක් එක කරමින් කියා සිටියේ නව ජනාධිපතිවරයා යටතේ දෙරට අතර ගෞරවය සහ අවබෝධය ආරක්ෂා කරගනිමින් පිලිපීන - ඇමෙරිකා සහයෝගීතාව වඩාත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
ජපානය
ජපාන අගමැති Shinzo Abe ද Donald Trump හට සුබ පතා තිබෙන බව වාර්තා වේ. මෙතෙක් කලක් ඇමෙරිකාව සහ ජපානය අතර පැවති මිතුදම ඉදිරියටත් එලෙසම පවත්වාගෙන යාමට බලාපොරොත්තුවන බවත් ගෝලීය ආර්ථිකයේ ඉදිරියෙන්ම සිටින ආසියා ශාන්තිකර කලාපයේ ස්ථාවරත්වය ඇමෙරිකාවට සාමය සහ සමෘද්ධිය ගෙන එනු අථී බවත් ඔහු පවසා ඇත.
දෙරටේ ආරක්ෂක සහයෝගීතාවට තවත් සහය දක්වන ලෙස ජපාන අගමැති ටෝකියෝ නුවරට දන්වා ඇති බවද වාර්තා වේ.
ඉරානය
මැතිවරණ ප්‍රවර්ධන රැලිවලදී න්‍යෂ්ඨික ගනුදෙනු පිළිබඳ ටෙහෙරාන් නුවරත් සමග තිබෙන සබඳකම් ඉරා දැමීම සම්බන්ධව Donald Trump ගේ ප්‍රකාශය මූලික කරගනිමින් ඔහුගේ ජයග්‍රහණයට පසුව ඉරානයේ විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇමෙරිකානු නව ජනාධිපතිවරයා න්‍යෂ්ඨික බලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගිවිසුම් වලට අනුකූලව කටයුතු කළ යුතු බවයි.

කොටස් වෙළෙඳ පොළ
Donald Trump ගේ ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳ පොළෙහි ඩොලර් බිලියන 34 ක කඩා වැටීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
මීට අමතරව ආසියා ශාන්තිකර කලාපයේ කොටස් වෙළෙඳ පොළද කඩා වැටී ඇතැයි වාර්තා වේ. ජපානයේ Nikkei කොටස් වෙළෙඳ පොළ 5.8% කින් පහත බැස ඇති අතර Hong Kong හි Hang Seng කොටස් වෙළෙඳ පොළ 3.5%කින් පහත බැස තිබේ.
මේ අතර ඇමෙරිකාවේ Dow Jones mini දර්ශකය 5% කින් පහළ ගොස් ඇති අතර S&P 500 mini 4.6% කින්ද Nasdaq 4.8% කින්ද පහත බැස තිබෙන බව වාර්තා වේ.
විදේශ ප්‍රතිපත්තිය
Donald Trump ලෝක බලවතා වීමත් සමග ලොව පුරා රටවල් සමග ඇමෙරිකාව පවත්වන විදේශ සබඳකම් සම්පුර්ණයෙන් වෙනස් දිශාවකට යොමුවෙතැයි බොහෝ විචාරකයන් මත පළ කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණයට පෙර සිටම වත්මන් ඇමෙරිකානු ජනාධිපති Barack Obama ගේ විදේශ ප්‍රතිපත්තිය Donald Trump විසින් දැඩිව විවේචනය කළ අතර එය සම්පුර්ණ විනාශයක් ලෙස ඔහු හැඳින්වීය.
"America-first" යන පදනමේ සිට කටයුතු කිරීමට සූදානමින් සිටින Trump, NATO සංවිධානයේ වියදම් අවම කරගැනීමට අපොහොසත් වුවහොත් එම සංවිධානයෙන් නික්ම යන බව ප්‍රකාශ කළේය.
මීට අමතරව ජපානයට සහ උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි තබාගත යුතු බව ඔහු යෝජනා කළේය.
රුසියාව සමග ඔහු දැඩි සම්බන්ධකමක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන බවද මැතිවරණ ප්‍රචාරක රැළි වලදී ප්‍රකාශ කර තිබුණි.

