SKIP TO MAIN CONTENT

මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ තවත් සාක්ෂිකරුවන් 20 දෙනෙකුගේ ලැයිස්තුවක් බැඳුම්කර කොමිසමට.

SL Central Bank Bond Issue
Source: Daily News

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව සාක්ෂි ලබා ගැනීමට අපේක්ෂිත තවත් 20 දෙනෙකුගේ ලැයිස්තුවක් නීතිපති දෙපාර්තමේන්තුව තමන් වෙත බාර දුන් බව බැඳුම්කර කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා පැවසීය.

ඒ අතරින් තිදෙනෙකුගේ සාක්ෂි කොමිසම විසින් අනිවාර්යෙන් සටහන් කරගැනීමට අපේක්ෂා කරන බවත් අනෙක් සාක්ෂිකරුවන්ගෙන් අවශ්‍යනම් පමණක් සාක්ෂි ලබාගැනීම සිදු කරන බව චිත්‍රසිරි මහතා ප්‍රකශ කළේය.

මේ අතර කොමසාරිස්වරුන්ගේ මතයට අනුව සවිස්තර වාර්තාවක් සැකසීම සඳහා වන ප්‍රමාණවත් සාක්ෂි මේ වන විටත් බැඳුම්කර කොමිසම සතුව පවතින බව  කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පැවසීය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපි ගොනු දෙක වහාම කොමිසමට ඉදිරිපත් කරන ලෙස බැඳුම්කර කොමිසම පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට  නියම කළේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා වන ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් යන මහත්වරුන්ට කොමිසම විසින් නොතිසි නිකුත් කළේය.

එමෙන්ම ලිපි ගොනු දෙක සම්බන්ධයෙන් වු කරුණු දිවුරුම් ප‍්‍රකාශයක් මඟින් කොමිසමට දැනුම් දෙන ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාට කොමිසම වැඩිදුරටත් නියම කළේය.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now