SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු Working Holiday වීසා සඳහා වයස් ඛාණ්ඩ වල සහ ගාස්තු වල වෙනසක්.

Age limit changes for the Australian Working Holiday visa.
Source: www.workingholiday.co

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලබන වසරේ සිට ඔස්ට්‍රේලියානු Working Holiday වීසා සඳහා අය කරන ගාස්තු $440 සිට $390 දක්වා අඩු කර තිබෙන බව වාර්තා වේ.

මීට අමතරව එම වීසා ලබාදීමේදී මෙතෙක් ක්‍රියාත්මක වූ 19 – 30 වයස් ඛාණ්ඩය ලබන වසරේ සිට 19 – 35 දක්වා වැඩි කර තිබේ.

මෙම වීසා ඛාණ්ඩය සාමාන්‍යයෙන් ලබා දෙන්නේ ප්‍රංශය, කැනඩාව, බෙල්ජියම වැනි සුදසුකම් ලැබූ රට වලට වන අතර මෙම වීසා ඛාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූලව රැකියා කිරීමටද අවකාශ සැලසේ.

නව වෙනස්කම් වලට අනුව එක සේවා යෝජකයකු යටතේ විවිධ ස්ථාන වල වසරක කාලයක් සේවය කිරීමට මෙම වීසා හිමියන් හට අවස්ථාව උදා වන අතර පෙර පැවතියේ එක් සේවා යෝජකයකු යටතේ උපරිම වශයෙන් සේවය කිරීමට හැකි කාලය මාස 6ක් ලෙසය.

ගෙවන බදු ප්‍රමාණය වැඩි වෙයි.

මෙම වීසා ඛාණ්ඩය යටතේ රැකියා කරන පුද්ගලයන්ගෙන් උපයන පළමු ඩොලරයේ සිට 19% ක බද්ධක් අය කරගැනීමට රජය සූදානම් වන බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now