සංක්‍රමණික කෝටාව ඉහල දැමීමත් සමග, වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ සේවකයින්ට දැඩි ඉල්ලුමක් (SBS සිංහල / වාර්තා)

ඕස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණිකයින් සඳහා වන වාර්ෂික සීමාව ඉහල දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කල අතර මෙහි ප්‍රතිපලයක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි රැකවරණ සහ සත්කාරක අංශයේ ඇස්තමේන්තුගත සේවක පුරප්පාඩු 60,000ක් සෘජුවම පිරවීම සිදු කල යුතු බව වැඩිහිටි සත්කාරක ආයතන පවසයි.

Royal Australian Navy staff help to fill vacant positions in an aged-care facility in southern New South Wales.

Royal Australian Navy staff help to fill vacant positions in an aged-care facility in southern New South Wales. Aged care peak bodies say more skilled migrants are needed to fill a large shortfall in labour. Source: AAP / Australian Defence Force

Key Points
  • ඕස්ට්‍රේලියානු වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ පුරප්පාඩු 60,000 ක්
  • ඕස්ට්‍රේලියානු වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ සේවකයින් ඉහල දැමීමට වන ඉල්ලීම් ඉහලට

ඕස්ට්‍රේලියානු වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ පුරප්පාඩු 60,000 ක්


ඕස්ට්‍රේලියාවට බලපෑ කොවිඩ් වසංගත තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් වූ එක් අංශයක් වශයෙන් වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රය හැඳින්විය හැක. මේ හේතුවෙන් එම ක්ෂේස්ත්‍රයේ ආයතන ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටින්නේ, ඕස්ට්‍රේලියානු වාර්ෂික සංක්‍රමණ සීමාව ඉහළ දැමීමෙන් අනතුරුව මෙම ක්ෂේස්ත්‍රයේ උද්ගතව ඇති ශ්‍රම හිඟය පුරවන ලෙසයි.

ඕස්ට්‍රේලියානු වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ ආයතන මගින් ඇස්තමේන්තු කොට ඇති පරිදි මෙම අංශයේ පමණක් පුරප්පාඩු 60,000ක් පවතී.මේ හේතුවෙන් ඔවුන් මෙම ක්ෂේස්ත්‍රයේ රැකියා සිදු කල හැකි නිපුණතා සහිත දක්ෂ සංක්‍රමණිකයන් ඉල්ලා තිබේ.

එමෙන්ම Catholic Health Australia මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ මෙලෙස පවතින සේවක පුරප්පාඩු වලින් 45,000 ක්ම සුදුසුකම් ලත් වැඩිහිටි රැකවරණ සේවකයින් සඳහා වන පුරප්පාඩු වන බවයි.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ කැන්බරා හි පැවති "රැකියා සහ නිපුණතා සමුළුවේදී" නිපුණතා සංක්‍රමණය සඳහා වන වාර්ෂික සීමාව ස්ථාන 195,000 දක්වා වැඩි කරන බව රජය නිවේදනය කිරීමත් සමඟ මෙම ඉල්ලීම් ඉහල ගොස් තිබේ.

ඕස්ට්‍රේලියානු වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ සේවකයින් ඉහල දැමීමට වන ඉල්ලීම් ඉහලට

Catholic Health Australia, Uniting NSW and ACT සහ UnitingCare Australia යන ආයතනද පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාවට බලපෑ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වැඩිහිටි රැකවරණ ක්ෂේස්ත්‍රයේ සිටින පුහුණු ශ්‍රමිකයින්ගේ හදිසි ඉහල දැමීමක් අවශ්‍ය වන බවයි.

මේ ඔස්සේ දක්ෂ සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකායේ මේ වනවිට පවතින අර්බුදය සමනය කිරීම සඳහා උපකාරී වනු ඇති බව, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Catholic Health Australia හි ප්‍රධාන විධායක Pat Garcia පෙන්වා දෙයි.

එමෙන්ම මෙය ඕස්ට්‍රේලියානු රජයට සිදු කල හැකි දෙයක් වන අතර එය ඉක්මනින් කල හැකි දෙයක් වන බවත් ඔහු පවසයි.

—————————————————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store 
හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

—————————————————————————————————————


Uniting NSW and ACT ආයතනයේ ජ්‍යෙෂ්ඨ සේවා අධ්‍යක්ෂ Savior Buhagiar පෙන්වා දෙන්නේ මෙම ක්ෂේස්ත්‍ර මෙහෙයුම් වල 10% පුරප්පාඩු අනුපාතයක් පවතින බවයි.

කොවිඩ් වසංගතය අතරතුර වයස්ගත වැඩිහිටි පිරිස ආරක්‍ෂාකාරීව තබා ගැනීමට සේවකයින් මේ දක්වා දැඩි කැපවීමක් සිදු කොට ඇති අතර, තවදුරටත් ඔවුන්ගෙන් වැඩි පැය ගණනක් රැකියා කරන ලෙසට ඉල්ලා සිටිය නොහැකි බවත් ඔහු පවසයි.

එමෙන්ම Savior පෙන්වා දෙන්නේ වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ ශ්‍රම බලකාය ඉහල දැමිය යුතු අතර පුද්ගලික සත්කාරක සේවකයන්ද එක්කල යුතු බවයි.

මේ අතර මෙම සේවකයින් හට කඩිනමින් නැවත සේවයට පැමිණීමට හැකි වන පරිදි, COVID-19 සඳහා ධනාත්මක රෝගීන් සඳහා වන හුදකලා කාලසීමාව දින 07 සිට 05 දක්වා අඩු කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය එකඟ වීමද සිදු විය. කෙසේ නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කොට සිටින්නේ COVID-19 වෛරසය, උණ වැනි අනෙකුත් බෝවන රෝග වලට සමානව සැලකීමට තවමත් ඉක්මන් වැඩි බවයි.

මෙලෙස COVID-19 සඳහා වන හුදකලා කාලය අඩු කිරීම සම්බන්ධයෙන් වන තීරණය ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ආරක්ෂා කල අතර ඔහු පෙන්වා දෙන්නේ එය අවශ්‍ය පියවරක් වන බවයි.

කෙසේ නමුත් ජාතික කැබිනට් තීරණය පිටුපස ඇති සෞඛ්‍ය උපදෙස් හැකි ඉක්මනින් නිකුත් කරන ලෙස ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටී.


Share

Published

By AAP-SBS, Nipuna Dodangoda
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service