පසුගියදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉන්දියාවේ දිල්ලි නුවරදී පවතී තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අතර තුරදී වායු දුෂණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ස්වශන අපහසුතාවයන්ට පත් වීම මත භේද කාරී තත්වයක් බව පත් වී ඇති අතර, මේ හේතුවෙන් ක්‍රීඩකයින් කීප දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකළ බව මාධ්‍ය වාර්තා සදහන් කර තිබිණි.
ක්‍රිකට් ක්‍රීඩකයින් ස්වශන අපහසුතා වලට පත්වීම සහ වමනය දැමීම හේතුවෙන් තරග කීප විටක් නතර කෙරුණු අතර, ශ්‍රී ලංකා ක්‍රීඩක සුරංග ලක්මාල් කීප වතාවක් වමනය කල බව කණ්ඩායමේ පුහුණු කරු Nic Pothas ප්‍රකාශ කල බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කල් මැරීමට ගත් උපාය මාර්ගයක් ලෙස සමහරක් ඉන්දීය ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට චෝදනා කලත් කාලයක් තිස්සේ දිල්ලි නුවර පවතින වායු දුෂණය පිළිබද අර්බුධය පරිසරවේදීන් සහ මාධ්‍ය කීප වතාවක්ම පෙන්වා දී ඇති කරුණක්.
අදාල දිනයේ දිල්ලි නුවර, වාතය තුල පරිසරයට හිතකාමී නොවන අංශු, කියුබික් මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 300ක් තිබු බව Theguardian වෙබ් අඩවිය වාර්තා කර තිබු අතර, ජාත්‍යන්තර සෞඛ්‍යය සංවිධනයේ ප්‍රමිතීන් වලට අනුව එය පැවතිය යුතු සාමාන්‍ය තත්වයට වැඩ 12 ගුණයක් වැඩි බව සදහන්. මේ අනුව දිල්ලි නුවර Feroz Shah Kotla ක්‍රීඩාංගනයේ තරග පැවැත්වීම පිලිබදව දෙවරක් සිතා බැලිය යුතු බවට මත පලවී ඇති අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේඛම් Amitabh Chaudhary පවසන්නේ ඉදිරියේදී වායු දුෂණ මට්ටම අනුව එම ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත තරග වෙනත් ක්‍රීඩාංගනයකට මාරු කිරීම පිළිබද තම අවධානය යොමු වී ඇති බවයි. නමුත් මීට වෙනස් මතයක් දරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩබලන සභාපති CK Khanna පවසන්නේ තරගය නැරබු 20,000කට ආසන්න පිරිසකට කිසිදු අර්බුධයක් නොමැති වටපිටාවක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙසේ හැසිරුනේ ඇයිද යන්න තමන්ට ගැටළු සහගත බවයි. ඔහු මෙසේ සදහන් කලත් දිල්ලි නුවර වායු දුෂණය ඉතා අවධානම්කාරී තත්වයකට ලගාවෙමින් ඇති බවට සාක්ෂි රැසක් ඇති අතර ඉන්දියානු වෛද්‍ය සංගමයද මෙහි ඇති අවධානම් සහගත තත්වය පෙන්වා දෙමින් නිවේදනයක් නිකුත් කර තිබිණි. දින 5ක් තිස්සේ ක්‍රීඩකයින් මේ ආකාරයෙන් දුෂිත වාතයට මුහුණ දීමෙන් ඉතා දරුණු සෞඛ්‍යය ගැටළු සදහා ඔවුන් ගොදුරු විය හැකි බව එම සංවිධනයේ සභපති KK Aggarwal සදහන් කර තිබේ.
දිල්ලි නුවර පවතින වායු දුෂණය දීවාලි උත්සවයත් සමග උත්සන්න වන බව සදහන් අතර, උත්සව සමයේ භාවිතා කරන ගිනි කෙලි මගින් වාතයට එක් වන අපද්‍රවය ඊට ප්‍රධාන හේතුවක් වී තිබේ. මේ නිසා අඩුම ගණනේ පෙබරවාරි මාසය අවසන් වන තෙක් වත් දිල්ලි නුවර ක්‍රීඩා ඉස්සවන් නොපැවැත්විය යුතු බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වයස 17න් පහල ලෝක කුසලානයේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කල Javier Ceppi පෙන්වා දී තිබිණි.
දිල්ලි නුවර වායු දුෂණයේ ඇති දරුණු බව අධ්‍යන ගණනාවකින් පෙන්වා දී ඇති අතර, පෙනහළු පිලිකා ඇතිවීමේ අවධානම සහ අනෙකුත් ස්වශන අබාධ සහ සෞඛ්‍යය ගැටළු ඇතිවීමේ අවධානම ඒ මගින් පෙන්වා දී තිබේ.

