Pauline Hanson ගේ drone යානාව සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ගුවන් ආරක්ෂණ අධිකාරිය විමර්ශනයක් අරඹයි.

Air safety authority looking into Pauline Hanson's drone use

Source: SBS

Townsville නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක One Nation පක්ෂයේ නායිකා Pauline Hanson විසින්  drone යානාවක් යැවීම සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ගුවන් ආරක්ෂණ අධිකාරිය විමර්ශනයක් පවත්වන බව වාර්තා වේ.

සෙනට් සභික Pauline Hanson, හෝටලයක බැල්කනියේ සිට drone යානාවක් යවන වීඩියෝවක්  පසුගිය බදාදා දිනයේදී සමාජ ජාල වෙත යොමු කර තිබුණි.

ඉතා උසැති ගොඩනැගිලි අතරේ drone යානාව ඉහළ පහළ ගමන් කරවමින් Pauline Hanson සිනාසෙන අයුරු එම වීඩියෝවේ පැහැදිලිව පෙනෙන්නට තිබේ.

නමුත් සෙනට් සභික Pauline Hanson ගේ මෙම drone  යැවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශනය කිරීමට පියවර ගෙන ඇති බව අධිකාරිය පවසයි.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now