ALERT : මෙල්බර්න් නගර මධ්‍යයේ හදිසි තත්වයක් : පුද්ගලයෙක් මරුට

Bourke Street stabbing - Melbourne

Source: SBS Sinhala

මෙල්බර්න් නගර මධ්‍යයේ ආශ්‍රිතව අද පස්වරුවේ හදිසි සිදුවීමක් හට ගැනුණු බව වික්ටෝරියා පොලිසිය පවසයි. Bourke සහ Swonston වීදි අන්තර් මංසන්දියේ හදිසියේ මෝටර් රථයක් ගිනිගෙන ඇති අතර ඒ පිළිබඳව ක්‍රියා කිරීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු උත්සාහ කිරීමට යාමේදී හදිසියේ එම ස්ථානයට කඩාවැදුණු පුද්ගලයෙකු පිහියක් වැනි තියුණු අයුදයකින් පොලිස් නිලධාරීන් හට පහර දීමට උත්සහ දරා තිබේ. එම අවස්ථාවේදී පොලිසිය සිදුකල වෙඩිතැබීමෙන් තුවාල ලත් එම පුද්ගලයා අසාධ්‍ය තත්වයෙන් රෝහල කරා රැගෙන ගොස් ඇතැයි සඳහන්.

මෙම පුදගලයා තම අත රැඳී තියුණු ආයුධයෙන් සිදුකල පහර දීමෙන් එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මේවන රෝහල් ගත කොට ඇත. මෙය කුමන අන්දමේ කරුණක් ඉලක්ක කොට ගත් ප්‍රහාරයක්ද යන්න තවම නිෂ්තිතව ප්‍රකාශ කල නොහැකි බව වික්ටෝරියා පොලීසිය පවසයි.

මේ වන විට බෝම්බ නිෂ්ක්‍රිය අංශයද එම ස්ථානයට පැමිණ තිබේ.

Bourke විදිය සහ මෙල්බෙර්න් නගරය හැකිතාක් මඟහැර ගමන් කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී

 


1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now