SKIP TO MAIN CONTENT

ඉරානයේ ගුවන් අනතුරින් 65 දෙනෙකු මරුට.

All 65 aboard Iran plane feared dead
Source: Wikimedia

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඉරානයේ අභ්‍යන්තර ගුවන් සේවයක් වන Aseman ගුවන් සේවයට අයත් ATR-72 දරන ගුවන් යානය අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 65 දෙනාම ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් මේ අනතුර සිදු වී ඇති බවත් කුඩා දරුවෙකුද අනතුරින් ජිවිතක්ෂයට පත්වී ඇති බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.

ඉරානය තුළ කෙටි දුරකින් යුත් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා මෙම ATR-72 දරන ගුවන් යානය යොදා ගන්න බවත් එය එන්ජින් දෙකකින් සමන්විත බවත් වාර්තා වේ.

මෙය ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නුවර සිට දකුණු කලාපයේ නගරයක් වන Yasuj වෙත ගමන් කරමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now