මෙල්බන් ඉතිහාසයේ දැවැන්තම ගිනිකෙළි සංදර්ශනයට සියල්ල සූදානම්.

මෙල්බන් ආරක්ෂාවට ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මෙතෙක් භාවිත කරන නවීනතම ආරක්‍ෂිත කැමරා පද්ධතිය යොදයි.

A file photo of Melbourne’s New Year fireworks.

A file photo of Melbourne’s New Year fireworks. Source: Supplied

2017 වසර උදාවන විට එය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට දහස් සංඛ්‍යාත පිරිසක් අද (31/12) රාත්‍රියේ මෙල්බන් නුවරට රැස්වීමට නියමිතය.

මෙල්බන් ඉතිහාසයේ දැවැන්තම ගිනිකෙළි සංදර්ශනය අද රාත්‍රියේ මෙල්බන් නුවර පිහිටි ගොඩනැගිලි 22ක සිට අහස් කුස සිසාරා විහිදී යාමට සියලු කටයුතු දැන් සූදානම් බව සංවිධායක මණ්ඩලය පවසයි.

දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට 450,000 කට අධික ජනකායක් අද රාත්‍රියේ මෙල්බන් නගර මධ්‍යයට පැමිණීමට නියමිත අතර ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඩොලර් මිලියන 15ක වටිනාකමකින් යුත් නවතම ආරක්‍ෂිත කැමරා පද්ධතියක් යොදාගැනීමට වික්ටෝරියානු පොලීසිය සූදානමින් සිටියි.

මෙම කැමරා පද්ධතිය ඔස්ට්‍රේලියාව තුළ යොදා ගන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට වීමද විශේෂත්වයකි.

මෙවර මෙල්බන් ගිනි කෙළි සංදර්ශනය සඳහා ඩොලර් 532,000ක් පමණ වැය වන බව ගණන් බලා තිබේ.

Docklands, Flagstaff Gardens, Treasury Gardens සහ Kings Domain යන ස්ථාන වල සිට මෙම ගිනි කෙළි සංදර්ශනය ඉතා හොඳින් නැරඹීමට හැකියාව ලැබෙනු ඇත.


1 min read

Published

By Madhura Seneviratne

Source: Herald Sun




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now