SKIP TO MAIN CONTENT

වසර 2040 වන විට ශ්‍රී ලංකාවේ හරිත ප්‍රවාහන සේවයක්. දැනට භාවිත කරන ත්‍රීවීල් බංග්ලාදේශයට විකුණන්න යයි.

SL Budget 2018
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ ධාවනය කෙරෙන සියලුම වාහන 2040 වන විට දෙමුහුන් හෝ විදුලියෙන්  ධාවනය වන වාහන බවට පරිවර්තනය කර හරිත ප්‍රවාහන සේවයක් ඇති කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අය - වැය කතාවේදී පැවසීය.

මේ අනුව දෙමුහුන් හා විදුලියෙන් ධාවනය වන වාහන මත පනවන බදු අඩු කරන අතර  ඛණිජමය ඉන්දන මත ධාවනය වන වාහන මත බදු යාවත් කාලීන කිරීමට තීරණය කර තිබේ.

විදුලියෙන් ධාවනය වන මෝටර් කාර් රථයක බදු ලක්ෂ 10කින් අඩු කරන අතර  සුඛෝපභෝගී වාහන වල බදු  ලක්ෂ 25කින් වැඩි කිරීමට තීරණය කර ඇති බව සමරවීර මහතා එහිදී පැවසීය.

පරිසර හිතකාමී විදුලි ත්‍රිරෝද රථ භාවිතය දිරිමත් කිරීමට කටයුතු කරන අතර ඩීසල් ත්‍රි රෝද  බද්ද  රු. 50,000කින් ඉහල  දමන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

විදුලි ත්‍රිරෝද රථ හා  විදුලි බස් භාවිතය දිරිමත් කිරීමට 10 යි 90 ක්‍රමවේදය භාවිතා කිරීමට පියවර ගෙන ඇත. එනම් ඒ සඳහා පාරිභේගිකයා මුලු මුදලින් සියයට 10ක් යොදවන විට රජය සියයට 90ක් ලබා දෙනු ඇත.

 මීට අමතරව මේ වන විට භාවිතා කරන ත්‍රි රෝද රථ බංගල දේශයට අලෙවි කිරීමට අවස්තාව සලසා දීමටද රජය කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

Daily Mirror ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now