නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෝටර් රථ 150,000 ක පමණ ලියාපදිංචිය අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
දෝෂ සහගත ටකාටා එයාර් බෑග් ඇති මෝටර් රථ, නියමිත දිනයට පෙර එම දෝෂ සහගත එයාර් බෑග් ප්‍රතිස්තාපනයට පියවර ගෙන නොතිබීම මෙයට හේතුව වී තිබේ.
මේ සම්බන්දව වන අනතුරු ඇඟවීමේ ලිපිය ලැබී සති අටක් ඇතුළත එය නැවත ස්ථාපිත කිරීමට අපොහොසත් වුනු වාහන හිමිකරුවන්ගේ ලියාපදිංචිය අත්හිටවනු ලැබේ.
මෙම දෝෂ සහගත ටකාටා එයාර් බැග් ඇති වාහන අනිවාර්ය නැවත කැඳවීමකට ලක් කිරීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබිණ. ඒ අනුව මේ වන විට එයාර් බෑග් මිලියන තුනහමාරක් ප්‍රතිස්ථාපනය කර ඇත.
නමුත් ප්‍රාන්තය තුල වාහන 170,000 ක් පමණ තවමත් මෙම දෝෂ සහගත එයාර් බෑග් සහිතව ධාවනය වන බව සොයාගෙන තිබේ.

